ජනාධිපතිතුමා මේ බව පැවසුවේ පනාගොඩ යුද හමුදා ගෘහස්ථ කි‍්‍රඩාංගණයේ පැවති 09 වන ආරක්ෂක සේවා කි‍්‍රඩා තරගාවලියේ සමාප්ති උත්සවය අමතමිනි.
අපගේ ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය සහ අභිමානය ආරක්ෂා කරමින් ඔවුන් ලෝකයේ පිළිගත්, විශිෂ්ට ති‍්‍රවිධ හමුදාවක් බවට පත් කිරීමට රජය කැපවී සිටින බව ද ජනාධිපතිතුමා මෙහිදී පැවසීය.
අද දේශපාලන වේදිකාවේ මෙන්ම ඇතැම් මාධ්‍ය තුළ කථා කරන රණවිරු දඩයම යන ප‍්‍රකාශය තමා දැඩි ලෙස ප‍්‍රතික්ෂේප කරන බව ද පැවසූ ජනාධිපතිතුමා පටු දේශපාලන අරමුණුවලට වඩා මාතෘ භූමියේ අභිමානය වෙනුවෙන් කටයුතු කරන ලෙස තමා ඔවුන්ට පවසන බව ද කියා සිටියේය.
කලාපීය සහ අන්තර්ජාතික තරග සඳහා ඉදිරිපත් කරන මෙරට කී‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ කී‍්‍රඩා කෞශල්‍යයන් හා දක්ෂතා වැඩිදියුණු කිරීම සඳහා ඉදිරියේදී වැඩි අනුග‍්‍රහයක් ලබාදීමට රජය අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.
එම කි‍්‍රඩක කී‍්‍රඩිකාවන්ගේ ප‍්‍රමිතිය හා ගුණාත්මක භාවය ඉහළ නැංවීම සඳහා ජාත්‍යන්තර කි‍්‍රඩා සංචිතයක් රට තුළ පිහිටුවිමට හා ඒ සඳහා අවශ්‍ය නව තාක්ෂණ දැනුම, පුහුණු කරුවන් සහ අනෙකුත් පහසුකම් ලබාදීම සඳහා වැඩි ප‍්‍රතිපාදන වෙන් කිරීමේ යෝජනාවක් ඉදිරියේදී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා වැඩිදුරටත් පැවසීය.