පොලොන්නරුව දිසාවේ ප‍්‍රධාන සංඝනායක ධූරයට පත් පොළොන්නරුවේ සිරි විජයබා පිරිවෙනේ විශ‍්‍රාමලත් නියෝජ්‍ය පරිවේනාධිපති පූජ්‍ය අලව්වේ ශී‍්‍ර ඥානවාස නායක ස්වාමින් වහන්සේට එම ධූරයට අදාළ ශී‍්‍ර සන්නස් පත‍්‍රය පිළිගැන්වීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
මෙම පුණ්‍යෝත්සවය ඇමතු ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ යහපත් සහ විනයගරුක රටක් ගොඩනැගීමේ වැඩපිළිවෙළේදී මෙවන් උගත්, වියත් සහ ආදර්ශමත් සංඝ පීතෘන් වහන්සේලාට ගෞරව සම්මාන ලබාදීම ඉතා වැදගත් කොට සළකන බවයි.
අපේ රට ථෙරවාදී බුදුදහම පිළිබඳ ජාත්‍යන්තර මධ්‍යස්ථානය බවට පත් කිරිමේ කටයුතු වර්තමාන රජය ලෙස තමා විසින් ඉටු කරමින් සිටින බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා උගත්, වියත් භික්ෂුන් වහන්සේලාගේ දායකත්වය වැඩි වැඩියෙන් අවශ්‍ය බවද කියා සිටියේය.
උඩරට අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක රාජකීය පණ්ඩිත පූජ්‍ය නුවරඑළියේ චන්ද්‍රජෝති නායක ස්වාමින් වහන්සේ, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේනාධිපති පූජ්‍ය වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය පහමුණේ ශ‍්‍රී සුමංගල නායක ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද, අමාත්‍ය එස්.බී. දිසානායක. උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේශල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන් වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ යන මහත්වරුන් ඇතු`ථ පිරිසක් ද ප‍්‍රදේශවාසී සැදැහැවත් ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.