නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පැලෑඳ රජමහා විහාරස්ථාන චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය ජනපති ප‍්‍රධානත්වයෙන්

    අගෝස්තු 17, 2016

    පාලින්ද නුවර, පැලෑද රජමහා විහාරස්ථානයේ අභිනවයෙන් ඉදිකළ චෛත්‍යරාජයාණන් වහන්සේගේ කොත නිරාවරණය කිරීමේ පුණ්‍යෝත්සවය ඊයේ (16) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    පැලෑඳ රජමහා විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා ආගමික වතාවත් වල නිරතවීමෙන් අනතුරුව නායක ස්වාමීන් වහන්සේලා බැහැදැක සුවදුක් විමසමින් සුහද පිළිසඳරක නිරත විය.

     

    මෙම පුණ්‍ය අවස්ථාව සිහිපත් කරමින් විහාර භූමියේ සදුන් පැළයක් රෝපණය කිරීම ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර වීදියබණ්ඩාර කුමරු විසින් භාවිතා කරන ලද පුරාණ අවි ආයුධ නිරීක්ෂණය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

     

    මෙම අවස්ථාවට කෝට්ටේ ශ‍්‍රී කල්‍යාණිට සාමග‍්‍රි ධර්ම මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපාන ධම්මාලංකාර ස්වාමීන් වහන්සේ, පැලෑද රජමහා විහාරාධිපති පූජ්‍ය දේවමුල්ලේ කල්‍යාණවංශ නායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අමාත්‍ය රාජිත සේනාරත්න, බස්නාහිර පළාත් අමාත්‍ය රංජිත් සෝමවංශ ඇතු`එ මැතිඇමතිවරුන් පිරිසක් සහභාගී වූහ.

     

    මෙම පුණ්‍යෝත්සවයට සහභාගි වීමෙන් අනතුරුව පොළොන්නරුව, ලක්ෂ උයන කණිටු විදුහලේ විශ‍්‍රාමික විදුහල්පතිවරයෙකු වන බීටන් ගම ඇතිගේ මහතාගේ සුවදුක් විමසීම සඳහා ද ජනාධිපතිතුමා ඒ මහතාගේ නිවස වෙත ගියේය.

     

    ජිනාරාම මාවත, බදුරලිය ප‍්‍රදේශයේ පදිංචිව සිටින විශ‍්‍රාමික විදුහල්පති බීටන් මහතා සේවය කළ විදුහලේ ආචාර්ය මණ්ඩලයේ ජනාධිපතිතුමාගේ මෑණියන් ද සේවය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya