ආර්ථික, මූල්‍ය හා ව්‍යවසාය ආදී විවිධ ක්ෂේත්‍රයන් සඳහා සිදු කෙරෙන දත්ත සැකසුම් පිළිබඳවත්, ඒ වෙනුවෙන් නිර්මාණිත නව නිපැයුම් හා මෘදුකාංග පිළිබඳවත් මෙහිදී කරුණු පැහැදිලි කෙරිණි.
මත්තල අන්තර් ජාතික ගුවන් තොටුපොළ සංවර්ධනය කිරීම සඳහා ඇති අවකාශ හා අභියෝගයන් සම්බන්ධයෙන් සිදු කෙරුණු දත්ත විමසීමක් ද අග්‍රාමාත්‍යවරයා ප්‍රධාන දූත පිරිස හමුවේ ප්‍රදර්ශනය කර තිබේ.
දැනට හුදකලාව පවතින මත්තල ගුවන් තොටුපොල, ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා උපකාරී වන ලෙස කාර්යක්‍ෂම හා කාර්ය බහුල ගුවන් තොටුපොළක් බවට පත් කරලීම යහපාලන ආණ්ඩුවේ අරමුණ බව ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.