නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දුෂ්කර පාසල්වලට සහ බාලදක්ෂ ව්‍යාපාරයට ගුරුවරුන් බඳවා ගැනීමට පියවර

    අගෝස්තු 13, 2016

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පිහිට වූ ආණ්ඩුවේ මූලික අරමුණ බවට පත්වී ඇත්තේ අධ්‍යාපනය දියුණු කොට සිසු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීම බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

    මෙම අරමුණෙන් අද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන බව පෙන්වා දුන් අගමැතිවරයා 2018 වසර වන විට කිසිම සිසුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැනි බව ද පෙන්වා දුන්නේය.

    කොළඹ විහාරමහා දේවී උද්‍යානයේ පැවති කොළඹ දිස්ත්‍රික් 51 වෙනි බාලදක්ෂ කැම්පෝරියේ සමාරම්භක උත්සවය අග්‍රාමාත්‍යවරයා ප්‍රධානත්වයෙන් ඊයේ (12) ආරම්භ වූ අතර එහිදී අගමැතිවරයා මේ බව සඳහන් කළේය.

    වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම රජයේ අරමුණ බවත් වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් විද්‍යා  සහ ගණිත අධ්‍යාපන ගුරු හිඟයක් පවති බවත් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

    වර්තමානයේ සිටින ගුරුවරුන්ට අමතරව ගුරුවරුන් 5000 ක් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව දැන් සාකච්ඡා කරමින් පවතින බවත්  එම  පිරිස දුෂ්කර පාසල් සඳහා යොමු කර එම ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියමක් ලබාදීම අපේ අරමුණ වන අතර බාලදක්‍ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ද ගුරුවරු බඳවා ගැනීම අපේ අපේක්ෂා කරන බවත් අගමැතිවරයා පෙන්වා දුන්නේය.


    අගමැතිවරයාගේ සම්පූර්ණ කතාව පහත සඳහන් වේ.

    කොළඹ දිස්ත්‍රික්කයේ 51 වෙනි බාලදක්ෂ කැම්පෝරියට ආරාධනා කිරීම පිළිබඳ මා ස්තූතිවන්ත වෙනවා. විශාලතම පෝතක බාලදක්ෂ කණ්ඩායම තිබුණේ මගේ පැරණි පාසල වන කොළඹ රාජකීය විද්‍යාලයේ යි. එකල රාජකීය විද්‍යාලය සහ රාජකීය ප්‍රාථමිකය යනුවෙන් කොටස් දෙකක් තිබුණා. අප රාජකීය ප්‍රාථමික විදුහලේ ඉගෙන ගත් සමයේ පෝතක ව්‍යාපාරයට එක්වන ලෙස අප උනන්දු කරනු ලැබුවා. මමත් මීට වසර 52 කට පෙර පෝතක ව්‍යාපාරයට සම්බන්ධ වී කටයුතු කළා. අප එකල අධ්‍යාපනයට මෙන්ම මෙවැනි කටයුතු සඳහා ද උනන්දු වුණා. පස් වැනි ශ්‍රේණියේ විභාගය තිබෙනවා යැයි කියා මෙවැනි කටයුතුවලට සම්බන්ධ වෙන්න එපා යැයි අපට කිසිවෙකුත් පැවසුවේ නැහැ. අප අධ්‍යාපන කටයුතු සිදුකරන අතර තුරම ක්‍රීඩා ආදියට සහභාගී වෙමින් පෝතක ක්‍රියාකාරකම්වලද යෙදුණා.

    පෝතක ව්‍යාපාරය මගින් කුඩා කාලයේ අපේ ජීවිතයට හොඳ අත්දැකීමක් ලැබුණා. ඔබ සියලු දෙනාම දැන් ලබාගන්නේ එවැනි අත්දැකීමක්. වර්තමානයේ දී පාසල් කීයක පෝතක ව්‍යාපාරය තිබේ දැයි මා අද කොමසාරිස්තුමාගෙන් විමසුවා. පාසල් දහසක පමණ පෝතක ව්‍යාපාරය ක්‍රියාත්මක වන බව ඔහු පැවසුවා. ශ්‍රී ලංකාවේ ප්‍රාථමික පාසල් 8000 - 9000 ක් පමණ තිබෙනවා. ඉතිං එම පාසල්වලට බාලදක්‍ෂ ව්‍යාපාරය ව්‍යාප්ත කරන්නට නොහැකි වන්නේ ඇයි? මේ සඳහා ගුරුවරුන් හිඟකමක් තිබෙන බව පවසනවා. එසේ නම් අපට යෝජනා ලබාදෙන්න. ඉදිරි කාලයේ ගුරුවරුන් බදවා ගැනීමේ දී බාලදක්‍ෂ ව්‍යාපාරයට සහ ශිෂ්‍යභට ව්‍යාපාරයට සම්බන්ධ වූ අය සඳහා විශේෂත්වයක් ලබාදීමට අප කටයුතු කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මුණගැසී ඒ පිළිබඳව සාකච්ඡා කරන ලෙස ඉල්ලා සිටිනවා. විෂය මාලාවලටත් මෙවැනි දේ ඇතුළු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යවරයා මෙන්ම පළාත් අධ්‍යාපන අමාත්‍යංශයේ බලධාරීන් හමු වී මේ පිළිබඳව සාකච්ඡා කොට පෝතක බාලදක්ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ගත් පියවර පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස මා ඉල්ලා සිටිනවා.


    කාලයක් තිස්සේ අධ්‍යාපනයේ අරමුණ බවට පත් වී තිබුනේ අධ්‍යාපනය දියුණු කිරීම නොව ඒ තුළින් දේශපාලනය කිරීමයි. දේශපාලන අරමුණු මුදුන්පමුණුවා ගන්නට ගියහොත් අධ්‍යාපනය දියුණු කරන්නට බැහැ. එවිට අධ්‍යාපනය සාර්ථක වන්නේ නැහැ. මෙම තත්ත්වය නිසා අප රටේ සිසු සිසුවියන් ගණනාවක් පාසල් අධ්‍යාපන ක්‍රමයෙන් ඉවත්වුණා. එලෙස ඉවත් වී අනාගතයක් නැති කරගත්තා.


    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමන්ගේ මූලිකත්වයෙන් පිහිට වූ ආණ්ඩුවේ මූලික අරමුණ බවට පත්වී ඇත්තේ අධ්‍යාපනය දියුණු කොට සිසු පරපුරට හොඳ අධ්‍යාපනයක් ලබාදීමයි. අප මේ අරමුණෙන් අද ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනවා. 2018 වසර වන විට කිසිම සිසුවකු සාමාන්‍ය පෙළ විභාගයෙන් අසමත් වී පාසල් අධ්‍යාපනය අවසන් කළ යුතු නැහැ. වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනයක් ලබාදීම අපේ අරමුණයි. වර්තමානයේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශාල වශයෙන් විද්‍යා  සහ ගණිත අධ්‍යාපන ගුරු හිඟයක් පවතිනවා. වර්තමානයේ සිටින ගුරුවරුන්ට අමතරව ගුරුවරුන් 5000 ක් බඳවා ගෙන පුහුණු කිරීමේ වැඩසටහනක් පිළිබඳව අප දැන් සාකච්ඡා කරනවා. එම  පිරිස දුෂ්කර පාසල් සඳහා යොමු කර එම ප්‍රදේශයේ ගුරු හිඟයට පිළියමක් ලබාදීම අපේ අරමුණයි. බාලදක්‍ෂ ව්‍යාපාරය දියුණු කිරීම සඳහා ද ගුරුවරු බඳවා ගැනීම අපේ අපේක්‍ෂවයි.

    මමත් කාලයක් පෝතක බාලදක්‍ෂයෙකු වී සිටින නිසා එක් කරුණක් සිහිපත් කරනවා. අව්වේ ඉන්න කිසිවෙකුත් කැමති නැහැ. මේ පෝතක පිරිස මේ මොහොතේ ගස් සෙවණට වී සිටිනවා. පෝතක බාලදක්‍ෂයින් අව්වේ තැබිම සුදුසු නොවන නිසා බාලදක්‍ෂ ව්‍යාපාරයට සුබ පතමින් මා කතාව අවසන් කරනවා.

     

     

    royal collge colombo

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya