වස විසෙන් තොර බෝග වගාව සහ කාර්යක්ෂම ජල කළමනාකරණය තුළින් තිරසර ලෙස වාරි පද්ධතිය සංරක්ෂණය කිරීම යන කරුණු මහවැලි ගොවි ප්‍රජාව තුළ සමාජ ගත කිරීම අරමුණු කොට ගනිමින් පැවැත්වූ තරඟවලින් ජයග්‍රහණය ලැබූවන්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (11)දා පෙ.ව 9.00 ට ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.
මහවැලි ගොවීන් 104,000 ක් අතුරින් ‘‘මහවැලි මහ ගොවියා’’ සහ මහවැලි ගොවි සංවිධාන 1,007 ක් අතුරින් ‘‘හොඳම මහවැලි ගොවි සංවිධානය’’ සඳහා එදින සම්මාන පිරිනැමීම සිදු කෙරේ.
මහවැලි විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සිට ක්‍රියාත්මක කෙරෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.