නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘‘මහවැලි මහ ගොවියා’’ සහ ‘‘හොඳම මහවැලි ගොවි සංවිධානය’’ සම්මාන උළෙල 11දා

    අගෝස්තු 09, 2016
    වස විසෙන් තොර බෝග වගාව සහ කාර්යක්ෂම ජල කළමනාකරණය තුළින් තිරසර ලෙස වාරි පද්ධතිය සංරක්ෂණය කිරීම යන කරුණු මහවැලි ගොවි ප‍්‍රජාව තුළ සමාජ ගත කිරීම අරමුණු කොට ගනිමින් පැවැත්වූ තරඟවලින් ජයග‍්‍රහණය ලැබූවන්ට ත්‍යාග සහ සම්මාන පිරිනැමීම ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් 11දා පෙ.ව 9.00 ට ඇඹිලිපිටිය බුද්ධි මණ්ඩපයේ දී පැවැත්වේ.
     
    මහවැලි ගොවීන් 104,000 ක් අතුරින් ‘‘මහවැලි මහ ගොවියා’’ සහ මහවැලි ගොවි සංවිධාන 1,007 ක් අතුරින් ‘‘හොඳම මහවැලි ගොවි සංවිධානය’’ සඳහා එදින සම්මාන පිරිනැමීම සිදු කෙරේ. 
     
    මහවැලි විෂය භාර අමාත්‍යවරයා ලෙස ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි 2016 වසරේ සිට ක‍්‍රියාත්මක කෙරෙන ආහාර නිෂ්පාදන ජාතික වැඩසටහනට සමගාමීව මෙම තරගාවලිය සංවිධානය කර තිබේ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya