නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    විභාග මෙන්ම දරුවන්ගේ ජීවිත ද සමත් කිරීමට ගුරුවරුන් සහ දෙමාපියන් කැපවිය යුතුයි - ජනපති

    ජූලි 29, 2016

    ශී‍්‍ර ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයත්, අධ්‍යාපන ක්ෂේත‍්‍රයත් අද අන්තර්ජාතික වශයෙන් ඉහළ පිළිගැනීමකට ලක්ව තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

    මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවය ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ පැවැත්විණි.

     

    දක්ෂතා දැක්වූ සිසුවියන්ට මෙහිදී ජනාධිපතිතතුමා අතින් සහතික පත් පිරිනැමුණු අතර කැපවීමෙන් සේවය කළ ගුරුභවතුන් ද ඇගයීමට ලක් කෙරිණි.

     

    විභාග මෙන්ම දරුවන්ගේ ජීවිත ද සමත් කරමින් ඔවුන් මනා ශික්ෂණයකින් යුත් විනය ගරුක පරපුරක් ලෙස ගොඩනැගිමට ගුරුවරුන් සහ දෙමාපියන් කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

     

    අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්, අමාත්‍ය රවී කරුණානායක, රාජ්‍ය අමාත්‍ය එස්.එස්. රාධකි‍්‍රෂ්ණන්, නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල, බස්නාහිර පළාත් ප‍්‍රධාන අමාත්‍ය ඉසුර දේවපි‍්‍රය යන මහත්වරුන් සහ විදුහල්පතිනි ජේ. සුමේධා ජයවීර මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya