ලෝක කඩොලාන දිනය ඊයේ දිනයට යෙදු තිබුණු අතර 2015 වසරේදී මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයත් ඇමෙරිකා එක්සත් ජනපදයේ සීකොලොජි ආයතනයත් ලංකා සුළු ධීවර සම්මේලනයත් (සුධීස) ශ‍්‍රී ලංකාවේ වෙරළාසන්න දිස්ත‍්‍රික්ක 14 ක පවතින කඩොලාන පරිසර පද්ධතිය රැක ගැනීම සඳහා ගිවිසුම්ගතව එක්විය.
සීකොලොජි – සුධීස කඩොලාන කෞතුකාගාරය සඳහා මූල්‍යමය අනුග‍්‍රහය සහ පසු විපරම ඇමෙරිකාවේ සීකොලොජි ආයතනය විසින් සපයන අතර මෙරට මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයත් ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සහ අධ්‍යාපන අමාත්‍යාංශයත් එක්ව රාජ්‍ය අනුග‍්‍රාහකත්වය සපයයි.
ජනාධිපතිතුමා කෞතුකාගාරය නැරඹීමෙන් අනතුරුව කඩොලාන සංරක්ෂණ වැඩසටහන ආරම්භ වූ අතර මෙහිදී ලංකා සුළු ධීවර සම්මේලනයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ගාමිණී කාරියවසම් මහතා විසින් ජනාධිපතිතුමා වෙත World First Mangrove Museum නම් ග‍්‍රන්ථය පිළිගැන්වීය.
සීකොලොජි ආයතනයේ පාලක මණ්ඩලය ජනාධිපතිතුමා සමග සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.
මෙම අවස්ථාව සඳහා ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය මහින්ද අමරවීර, වයඹ මහ ඇමති ධර්මසිරි දසනායක, සීකොලොජි ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ Paul Alan Sox ඇතුළු පිරිසක් ද ලංකා සුළු ධීවර සම්මේලනයේ නිලධාරීන් සහ සාමාජිකයන් ද ශ‍්‍රී ලංකා යුනෙස්කෝ ජාතික කොමිෂන් සභාවේ ප‍්‍රධාන ලේකම් ධම්මිකා විජේසිංහ මහත්මිය ද ඇතුළුව විශාල පිරිසක් එක්ව සිටියහ.