නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ව්‍යවස්ථාව මර උගුලක් කියන්නේ පාර්ලිමේන්තුවේ ව්‍යවස්ථා කමිටුවේ සිටින අයමයි - ජනපති

    ජූලි 25, 2016

    ජාත්‍යන්තරය දිනා ගන්නා විට රට පාවා දෙන බවට ඇතමුන් චෝදනා කළත් තමා කටයුතු කරන්නේ එදා එස්.ඩබ්.ආර්.ඞී. බණ්ඩාරනායක මැතිතුමාගේ දේශපාලන දර්ශනයේ තිබු විදේශ ප‍්‍රතිපත්තින් මත බවත් ඒ හැර ලෝකයේ කිසිදු රටක් සමඟ වෙනත් බාහිර බැඳීමක් තමාට නොමැති බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.

    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ  ඊයේ (24) පෙරවරුවේ වරකාපොළ නගර ශාලාවේ පැවති ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හිටපු සභාපතිවරයෙකු සහ හිටපු අමාත්‍යවරයෙකු වන කෘතහස්ථ දේශපාලනඥ දිවංගත ධර්මසිරි සේනානායක මැතිතුමාගේ 16 වන ගුණ සමරු උත්සවයට එක් වෙමිනි.

    2015 ජනවාරි 08 වනදා මේ රටේ හැට දෙලක්ෂ පනස්දහසක් ජනතාව තමා කෙරෙහි විශ්වාසය තබා තමාට මේ රට භාරදුන් බවත් එම වගකීම් ඉටු කිරීමේදී සෑමවිටම පියවරක් ඉදිරියට තබනවා මිස කිසිදු අවස්ථාවක පියවරක්වත් පසුපසට නොතබන බවත් ජනාධිපතිතුමා මෙහිදී අවධාරණය කළේය.


    නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව, ව්‍යවස්ථා මර උගුලක් ලෙස හඳන්වාදෙන්නේ පාර්ලිමේන්තුවේ නව ව්‍යවස්ථා සම්පාදන කමිටුවේ සිටින උදවියම බවද පැවසූ ජනාධිපතිතුමා 1978 ව්‍යවස්ථාව පාර්ලමේන්තුවේ සම්මත කරන විටඊට විරුද්ධ වී නව ව්‍යවස්ථාවක අවශ්‍යතාවය පළමුව පෙන්වා දුන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ප‍්‍රමුඛ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය බව ප්‍රකාශ කළේය.

    ඉන් පසුව චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණියගේ මැතිවරණ ප‍්‍රකාශන දෙකේමත්, මහින්ද රාජපක්ෂ මහතාගේ මැතිවරණ ප‍්‍රකාශන දෙකේමත් අඩංගු වූ නව ව්‍යවස්ථාවට දැන් විරුද්ධ වන්නේ මන්දැයි තමා නොදන්නා බවත් මෙහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

    තමා සැමවිටම කටයුතු කරන්නේ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ප‍්‍රතිපත්ති සහ දර්ශනය ආරක්ෂා කරමින් බව පැවසූ ජනාධිපතිතුමා අද අවශ්‍ය වන්නේ සම්මුතිවාදී ආණ්ඩුව තුළ සියලුදෙනා එක්ව රටට අවශ්‍ය පරිවර්තනයන් සඳහා කැපවීම බවද කියා සිටියේය.

    ප‍්‍රජාතන්ත‍්‍රවාදී මෙන්ම මානවවාදී දේශපාලන නායකයෙකු වූ ධර්මසිරි සේනානායක චරිතය අද දවසේ දේශපාලනඥයින්ට ඉතා ආදර්ශවත් චරිතයක් බවඩද පැවසූ ජනාධිපතිතුමා වංචාව, දූෂණය සහ බලය අනිසි ලෙස භාවිතා කිරීම කිසිවිටෙකත් එම චරිතය තුළ නොතිබූ බවද සිහිපත් කළේය.

    නීතිවේදියෙක්, කලාකරුවෙක් මෙන්ම සමාජ සේවකයෙක් සහ කෘතහස්ථ දේශපාලනඥයෙක් ලෙස ඔහු දැදිගම ආසනයටත්, රටටත් ඉටු කළ සේවාව මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගයීමට ලක් විය. "ජනනියමුවාණෝ" ධර්මසිරි සේනානායක අනුස්මරණ ග‍්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

    ගුණ සමරු උත්සවයේ විශේෂ සමරුම් දේශනය ධර්මසිරි සේනානායක ගුණ සමරු කමිටුවේ සභාපති අතාවුද සෙනෙවිරත්න මහතා විසින් සිදු කළ අතර හිටපු අග‍්‍රාමාත්‍ය දී.මු ජයරත්න, අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, අබ්දුල් හලීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, වයඹ පළාත් ප‍්‍රධාන අමාත්‍ය මහීපාල හේරත් යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya