නොවැම්බර් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්මලාන තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය වැඩිදියුණු කෙරේ

    ජූලි 22, 2016

    රත්මලාන, තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ප්‍රමිතිය වැඩිදියුණු කිරීම සඳහා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ අධීක්ෂණය සඳහා යොමු කිරීමට, අවධානය යොමු කර ඇතැයි නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා පවසයි.

    අමාත්‍යවරය අද (22) මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමෙන්තුවේදී වාචික ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

    වෘත්තීය තාක්ෂණ විශ්ව විද්‍යාලය ලෝකයේ පිළිගැනීමට ලක් කිරීමේ දී ඇතිවන බාධාවන් ඉවත් කිරීමට ගෙන ඇති පියවර සම්බන්ධයෙන්  මන්ත්‍රී බිමල් රත්නායක මහතා, අමාත්‍යවරයාගෙන් විමසා සිටියේ ය.පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා යොමු කළ වාචික ප්‍රශ්න විමසන අවස්ථාවේ දී  පාර්ලිමේන්තු මන්ත්‍රී බිමල් රත්නායක මහතා අතුරු ප්‍රශ්නයක් මතු කර තිබිනි.

    එහිදී අඳහස් දැක්වූ අමාත්‍යවරයා, දැනටමත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා, රත්මලාන තාක්ෂණ විශ්වවිද්‍යාල , විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ අධීක්ෂණයට ලක්විය යුතුයි කියා. අපට අවශ්‍යයයි ප්‍රමිතිය වැඩිදියුණු කිරීමට. ශිෂ්‍යන්ගේ පැත්තෙන් බලලා, පිළිගැනීමක් තිබෙන, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ ( යූ.ජී.සී ) අධීක්ෂණය යටතේ,පවත්වාගෙන යාමට හැකි නම්, එහි ප්‍රමිතිය වැඩිදියුණු කළ හැකියි.

    විශ්වවිද්‍යාලයේ අධීක්ෂණයක් යූ.ජී.සී. එක කරනවා නම්,විශ්වවිද්‍යාල යටතේ,පවත්වන විද්‍යාතනවලටත් බලනවා, සම්බන්ධ කරන්නේ කොහොමද කියලා. මෙය තවදුරටත් අධ්‍යයනය කරන්න සිදු වෙනවා. තාක්ෂණ විශ්වවිද්‍යාලයේ අධ්‍යයනය කටයුතු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂමට දෙනන කැමතියි.එය වෙනස් කරනවා නම් පාර්ලිමේන්තුවට ගේන්න වෙනවා.කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ඇතිව අධීක්ෂණ කටයුතු ලබාදෙන්නට හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසී ය.

        

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya