අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා යොමු කළ සභාව කල්තැබීමේ අවස්ථාවේ යෝජනාවේ පිළිතුරු කතාව කරමින් අද (07) පාර්ලිමේන්තුවේ දීය.ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගිවිසුමක් පිළිබඳව ප්‍රශ්න කරමින් සභාව කල්තබන අවස්ථාවේ යෝජනාව ඉදිරිපත් කර තිබිණි.
අපිට ආර්ථිකය දුන්නේ ගිණි කන්දක් ලෙසයි.අපට දුන්නේ දණ ගැස්සු ආර්ථිකයක්,පොළිය ගෙවන්න බැරි ආර්ථිකයක්. අපිට හංගන්න දෙයක් නෑ. අපිට කිසිම ගිවිසුමක් නෑ. කොහොමද ශ්‍රී ලංකාවේ ආර්ථිකය දියුණු කරන්නේ කියලා. අපේ කොන්දේසි මතයි අපි ණය ගන්නේ.නින්දෙන් නැගිටලා කතා කරන එකයි ප්රශ්නය.දණ ගැස්සු ආර්ථිකය මෙවැනි තත්ත්වයෙන් ගමන් කිරීම ඔබට පුදුමයක් වෙලා.
ජාත්‍යන්තර ආර්ථිකයේ දරුණු තත්ත්වයක් තුළ මේ රටේ ආර්ථිකය දෝලනය වෙනවා.මේක අමාරු තත්ත්වයක් .ඒක අපිට අමාරු තත්ත්වයක්.කිසිම කොන්දේසියක් නෑ.මහින්ද රාජපක්ෂ කාලේ සියයට 18.4%ක් තිබූ ආදායම,10.4%ට අඩු වුණා.කොහොමද රටේ ආර්ථිකයක් ගෙනයන්නේ.මෙයයි අපි වැඩි කරන්න උත්සහ කරන්නේ.
අපි ප්‍රකාශ කළා,ආදායම වැඩිකරනවා කියලා.සුරා බදු,මසකට මිලියන 200ක් තිබුණ එක,මිලියන 11,800කට වැඩි කර තිබෙනවා.පිරිසිදු පාලනයකින් මෙය සිදු කළේ.අපි බදු වැඩි කළේ නෑ. ගෙනයන ආකාරයයි වෙනස් කළේ.
රේගුව ඇස්තමේන්තුව බිලියන 420යි.එහෙත් බිලියන 520ක් ලැබුණා. දැන් වංචාව නෑ.මෙය පිරිසිදු විනිවිදභාවයකින් ඇති කර තිබෙන්නේ.මේක දරාගන්න බැරි කොටසක් නවීකරණයට පනතක් ගේනවා කියලා.මේවා තමයි අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රකාශ කළේ. වැට් බද්ද වැඩි කිරීමක් නොවේ තිබුණේ.අපි එන්.බී.ටී. එක සියයට 2%ක් වැඩි කළා.වැට් අඩු කළා.මෙතැන ලොකු ශබ්දයක් කළා. අඩුවෙන ආදායම වැඩි කරන්න අවශ්‍යයි.දැන් කියනවා, ඉදිරි සංවර්ධන කටයුතුවලට අවශ්‍ය තරම් සල්ලි තිබෙනවා. පසුගිය ණය ගෙවන්න මේ මුදල් භාවිතා කරන්න බෑ. ආදායම වැඩි කිරීම අවශ්‍යයි.එකයි කළේ. අපිට වැට් ෆයිල් තිබෙන්නේ 15,000යි. කොම්පැනි ඇතුළු ව්‍යාපාර තිබෙනවා,ලක්ෂ 20ක්.සියයට 10%යි බදු ගෙවන්නේ.
අපිට ගිණි කන්දක් බාරදුන්නේ. අද එය නිෂ්ක්‍රීය කරලා තිබෙන්නේ.නිකරුනේ ණය ගන්නේ නැතිව ලෝකයට අපි පෙන්නුවා විනයක් තිබෙන බව අපි ආදායම ලබාගන්නා ආකාරය හා වියදම් අඩු කිරීම අපි පෙන්නුවා.
අපි මේ අවස්ථාවේ පළපුරුදු නායකත්වය යටතේ රටේ ආර්ථිකය කළමනාකරණය කරන්න යන්නේ.විනාශ වූ ආර්ථිකය ජාතික ආර්ථිකයක් කරනවා.මේ වැට් එක එන වසරේ අඩු කරනවා.ජනතා බදු බර අඩු කිරීමටයි බලාපොරොත්තු වෙන්නේ.අලුත් පනත් ගේන්නේ ඒ නිසයි.ශ්‍රී ලංකන් ආයතනයේ පරිපාලනය විධිමත් කරනවා. රජයේ සේවයේ රක්ෂා ඇති කරනවා. 2020 වනවිට ලක්ෂ දහයක රක්ෂා ඇති කරනවා.බිය වන්න එපා, වැටුණු ආර්ථිකය කෙළින් කිරීමයි තිබෙන්නේ.තුන්ඩුවලින් මේ රටේ ආර්ථිකය වැසීමේ ගමන අවසානයි.අපි මේ රටේ ආර්ථිකය ශක්තිමත් කරනවා. බදු ගෙවලා නැති ව්‍යාපාරිකයන් හෙළි කරන්නම්.මේ අසාධාරණය හා බොරුව ලෝකයට පෙන්වන්න එපා.මේ රටේ ජාතික ආර්ථිකයක් එකට හදමු යැයි අමාත්‍යවරයා පැවසී ය.