ජාතික වශයෙන් වැදගත්වන අවස්ථාවල සමාජ, ආර්ථික, දේශපාලන, සංස්කෘතික කරුණුවලට අදාළව බෞද්ධ දර්ශනය මත පදනම් වූ ඉගැන්වීම් මත පිහිටා තීරණ ගැනීමට අවශ්‍ය කෙරෙන දායකත්වය ලබාදීම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ කාර්ය භාරයයි.
දිවයිනේ සියලු පළාත් ආවරණය වන අයුරින් ව්‍යක්ත, විශාරද භික්ෂුන් වහන්සේලා 29 දෙනෙකුගෙන් මෙම ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය සමන්විත වෙයි.
ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලයේ මෙතෙක් කි‍්‍රයාකාරිත්වය මෙන්ම ශාසනික අභිවෘද්ධිය වෙනුවෙන් ගතයුතු ඉදිරි පියවරයන් පිළිබඳ මෙහිදී ජාතික බෞද්ධ බුද්ධි මණ්ඩලය දීර්ඝ වශයෙන් ජනාධිපතිතුමා වෙත කරුණු ඉදිරිපත් කළහ.
සාමණේර ආයතන පිහිටුවීමේ වැඩපිළිවෙළේ වත්මන් තත්ත්වය, පිරිවෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා ගෙන යන වැඩපිළිවෙළ මෙන්ම පිරිවෙන් පනත නැවත කියවීම පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු සාකච්ඡුා විය.
රාජ්‍ය සේවයේ යෙදෙන භික්ෂුන් වහන්සේලාගේ කාර්යභාරය සහ උන්වහන්සේලාගේ සේවය කාර්යක්ෂමව ප‍්‍රාදේශීය වශයෙන් ජනතාවගේ ආධ්‍යාත්මික සහ සංස්කෘතික සංවර්ධනය සඳහා යෙදවීමට ඇති හැකියාව පිළිබඳව ද අවධානය යොමු කෙරිණි.
පූජ්‍ය මහාචාර්ය කොටපිටියේ රාහුල අනුනායක ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය ගල්ලෑල්ලේ සුමනසිරි ස්වාමින් වහන්සේ, පූජ්‍ය ආචාර්ය අකුරැුටියේ නන්ද ස්වාමින් වහන්සේ, පූජ්‍ය මහාචාර්ය දිගල්ලේ මහින්ද ස්වාමින් වහන්සේ ප‍්‍රමුඛ ජාතික බුද්ධි මණ්ඩලය නියෝජනය කරන මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කර සිටියහ.
එමෙන්ම ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ජනාධිපති සම්බන්ධිකරණ ලේකම් ශිරාල් ලක්තිලක යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.
මේ අතර විදුලි සංදේශ නියාමන කොමිසන් සභාව සහ මහජන බැංකුව එක්ව රුපියල් මිලියන 100 ක මුදලක් ජාතික බෞද්ධ අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කිරීම ද මෙහිදී සිදු විය.