මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ප්‍ර‍ංසයේ ත්‍ර‍ස්ත ප්‍ර‍හාරය ගැන සොව පල කරයි

    නොවැම්බර් 14, 2015

    ජීවිත හානි ගණනාවක් සිදු කරමින් සහ තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදු කරමින් 2015 නොවැම්බර් 13 වනදා පැරීසියේ සිදු වූ ම්ලේච්ඡ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  බලවත් ලෙස ශෝකයට පත් වන බව ප්‍ර‍ංස ජනාධිපති ෆැන්කුවා හොලන්ඩ් මහතා වෙත ශෝක පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කරයි.

    එහි සඳහන් වන්නේ ප‍්‍රංශ රජයටත්, ජනතාවටත්, මියගිය අයගේ සහ තුවාල ලැබූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙනුවෙන් ශෝකය පළ කිරීමට ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව ද තමා සමඟ එක් සිටින බවයි.

    ත‍්‍රස්තවාදයෙන් කාලයක් තිස්සේ දැඩි පීඩා විදි රටක් වශයෙන් ශී‍්‍ර ලංකාව මෙවන් ත‍්‍රස්ත කි‍්‍රයා දැඩි ලෙස හෙළා දකින බවත් ත‍්‍රස්තවාදී සහ අන්තවාදී ව්‍යසනයන් දුරලීමට ජාත්‍යන්තර ප‍්‍රජාව එක්ව කටුයතු කිරීම අත්‍යාවශ්‍ය වන බව ද ජනාධිපතිවරයා සඳහන් කරයි.

    මෙම ශෝකජනක අවස්ථාවේ ශී‍්‍ර ලංකා රජය සහ ජනතාව ප‍්‍රංශ රජය සහ ජනතාව සමග ශෝකය බෙදා ගැනීමට එක්ව සිටින බව ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කරයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya