මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මිනිසාගේ දියුණුව තාක්ෂණිකව දියුණුව නොව කායික හා මානසික දියුණුවයි- ජනපති

    නොවැම්බර් 14, 2015

    මිනිසාගේ දියුණුව වශයෙන් සැලකෙන්නේ නිරෝගී කායික හා මානසික සුවයෙන් පිරිපුන් මිනිසුන් බිහිවීම මිස තාක්ෂණික වශයෙන් ලබාගන්නා දියුණුව නොවන බව ජනාධිපතිතුමා පැවසුවේ අද (14) පෙරවරුවේ ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පැවැත්වූ පා ගමන නිමා කරමින් බණ්ඩාරනායක ජාත්‍යන්තර සමිමන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ ”මිහිලක මැදුර” ප‍්‍රධාන ශාලාවේ පැවති දියවැඩියා දින ප‍්‍රදර්ශනය සහ දේශන මාලාවට එක්වෙමිනි.

    ලෝකයේ ඉහළම තාක්ෂණ දියුණුවක් පවතින ඇමරිකාව, ජපානය, එංගලන්තය වැනි රටවල පවා තාක්ෂණය කොතෙක් දුරට මිනිසාගේ සෞඛ්‍ය ආරක්ෂණය සඳහා බලපාන්නේ දැයි යන කාරණාව සම්බන්ධයෙන් අභියෝගයන් පවතින බව සිහිපත් කළ ජනාධිපතිතුමා තාක්ෂණික වශයෙන් දියුණු වූ පමණින් රටක ජනතාව නිරෝගීමත් යැයි සඳහන් කළ නොහැකි බව ද කියා සිටියේය.

    දියවැඩියාව මෙරටින් තුරන් කිරීමේ අරමුණෙන් සෞඛ්‍ය අමාතයාංශය සංවිධානය කළ 2015 පා ගමන ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (14) පෙරවරුෙවි කොළඹ 07 නිදහස් චතුරශ‍්‍රයෙන් ආරම්භ වී බණ්ඩාරනායක ජාත්‍යන්තර සමිමන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පිහිටි ”මිහිලක මැදුර” ප‍්‍රධාන ශාලාව දක්වා පැවැත්විණි.

    මෙහිදී තව දුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා පැවසුවේ තාක්ෂණයත් සමග ජීවිත බද්ධවීම තුළ රෝගීන් දිනෙන් දින ඉහළ යාමක් සිදුවන අතර නිරෝගීභාවය වෙනුවෙන් ව්‍යායාම කිරීමට වෙලාවක් නොමැති යැයි ඇතැමුන් පවසන්නේ තම ජීවිතය පිළිබඳ ඇති අනවබෝධය නිසා බවය.

    දවසේ කාලය කළමනාකරණය කර ගැනීම මෙන්ම කායික හා මානසික රෝගීන් බිහිකරණ තාක්ෂණික මෙවලම් භාවිතය පාලනය කර ගැනීම, දියවැඩියාව ඇතුඑ අනෙකුත් රෝගාබාධයන් ගෙන් වැළකීමට ගතහැකි පියවර බව ද ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මෙහිදී සිහිපත් කළේය.

    දියවැඩියාවෙන් තොර නිරෝගිමත් ජීවිතයක් ඇති කර ගැනීම ස`දහා තම තමන් විසින් යහපත් ජීවන රටාවන් අනුගමනය කළ යුතු බව ද දියවැඩියාව වැළැක්වීමට ක‍්‍රියාමාර්ග ගැනීම වෛද්‍යවරුන්ට පමණක් කළ හැකි කාර්යයක් නොවන බව ද සියළු දෙනා අවබෝධ කරගත යුතුව ඇතැයිද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.

    සීනී භාවිතය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ නව චක‍්‍රලේඛය තුළින් සීනි භාවිතය අවම කිරීම සඳහා ජනතාවට පණිවිඩයක් ලබාදෙන බව සඳහන් කළ ජනාධිපතිතුමා දියවැඩියා රෝගයෙන් ආරක්ෂා වීම සඳහා පාසල් දරුවාගේ පටන් රටේ පොදු මහජනතාවට පණිවිඩයක් ලබාදීම මෙවැනි පා ගමනක් සංවිධානය කිරීම තුළිින් අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

    මෙරට ජනයාගේ සීනි භාවිතය වැළැක්වීම සම්බන්ධයෙන් සැකසූ නව චක‍්‍රලේඛය සහ ”ආරෝග්‍යා” පුවත්පත සෞඛ්‍ය හා පෝෂණ අමාත්‍ය රාජිත සේනාරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම ද මෙහිදී සිදුවිය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya