ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේ ඊයේ (11) පස්වරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති උතුරු නැගෙනහිර පළාත්වල නැවත පදිංචි කිරීම් සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සාකච්ජාවේදී ය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල ආණ්ඩුකාරවරුන්ගේ ප‍්‍රධානත්වයෙන් සහ ඒ ඒ පළාත් නියෝජිතයන්ගෙන් සමන්විත නැවත පදිංචි කිරීමේ කමිටුවක් ඉදිරි සති දෙක තුළ රැස්වී ඒ ඒ පළාත්වල මතුව ඇති ගැටලු පිළිබඳ සොයා බලන ලෙසත්, දිස්ත‍්‍රික් ලේකම්වරුන්ගේ වාර්තා මත පමණක් පදනම් නොවී පළාත් මට්ටමින් පැමිණෙන ගැටලු සහ යෝජනා නැවත පදිංචි කිරීමේ අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් රැස්වෙන ජාතික කම්ටුවේදී සාකච්ජා කොට විසඳුම් යෝජනාවලියක් තමා වෙත ඉදිරිපත් කරන ලෙසත් ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.
උතුරු සහ නැගෙනහිර පළාත් වල අවතැන් වූ ජනතාව නැවත පදිංචි කිරීම රජයේ අවධානය යොමු වී ඇති ප‍්‍රමුඛ ගැටලුවක් වන අතර නැවත පදිංචි කිරීම් ආශ‍්‍රයෙන් ප‍්‍රායෝගිකව මතුවන ගැටලු සොයා බලා විසදුම් සැපයීම මෙම සාකච්ජාවේ අරමුණ විය.
අමාත්‍යවරුන් වන ඩී.එම්. ස්වාමීනාදන්, ලක්ෂ්මන් කිරිඇල්ල, රිෂාද් බදුයුදීන්, මහින්ද අමරවීර, සජිත් පේ‍්‍රමදාස, රවුෆ් හකීම්, රාජිත සේනාරත්න, පාඨලී චම්පික රණවක යන මහත්වරුන් සමග උතුරු පළාත් ආණ්ඩුකාර එච්.එම්.ජී.එස්. පලිහක්කාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර ඔස්ටින් ප‍්‍රනාන්දු, රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන, නියෝජ්‍ය ඇමති දුනේෂ් ගන්කන්ද, නැගෙනහිර පළාත් මහ ඇමති නසීර් අහමඞ්, උතුරු පළාත් ඇමති ආචාර්ය පී. සත්‍යලිංගම් ඇතුලු පිරිසක්ද අමාත්‍යාංශ ලේකම්වරු, දිස්ත‍්‍රික් ලේකම්වරු සහ අදාළ ආයතනවල නියෝජිතයින් ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.