මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉටුකළේ මහා යුග මෙහෙවරක්

    නොවැම්බර් 12, 2015

    අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ඉටුකළේ මහා යුග මෙහෙවරක් බවත් පසුගිය අටවෙනිදා යහපලනයක් ඇති රාජ්‍ය පාලනයක් සඳහා උන්වහන්සේ කැප වූ බවත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කරයි.

     

     අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන්ගේ ආදාහන පූජෝත්සවය අමතමින් ජනධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ය.

     

    අපවත් වී වදාළ අතිපූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියන් පිළිබඳ මුළු මහත් ලක්වැසි ජනතාව දැඩි සේ සංවේගයට ශොකයට පත්වන අවස්ථාවක්. අපි බලාපොරොත්තු නොවූ අවස්ථාවක, අපවත්වෙයි කියා සිතුවේ නෑ. දැඩි අවිවේකය නිසා උන් වහන්සේ රෝගාතුර වුණා. ශාසනික සමාජ සේවාවත් සුපිරිදු යහපත් සමාජයක් ගොඩනැගිමේ, පවිත්‍ර චේතනාව මුල්කරගෙන උන් වහන්සේ පසුගිය දසක ගණනාවේ කටයුතු කළා.

     

    අතිපූජ්‍ය සෝභිත හිමියෝ ඉටුකළේ මහා යුග මෙහෙවරක් . පසුගිය අටවෙනිදා යහපලනයක් ඇති රාජ්‍ය පාලනයක් සඳහා උන්වහන්සේ කැප වුණා. මා ජනධිපති වී සිටින්නේ, අගමැතිවරයා සිටින්නේ ජාතික ආණ්ඩුවේ අඬිතාලමේ නිර්මාතෘවරයා අතිපූජ්‍ය සෝභිත හිමියි.

     

    උන් වහන්සේ බලාපොරොත්තු වූ අරමුණු ඉටුකිරීම,යහපාලනයක් මානවවාදී සමාජයක් ඇති කිරීම,විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට දැඩි අධිෂ්ඨානයක් උන් වහන්සේට තිබුණා.  රටේ සධාරණ සමාජක්‍රමයක් ඇතිකිරීමට විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමට කළ හැකි සැම ක්‍රියාවක්ම කරන බව උතුම් දේහය ඉදිරියේ සපථකරනවා යැයි ද ජනාධිපතිතුමා ආදාහන උත්සව සභාව අමතමින් වැඩිදුරටත් ප්‍රකාශ කළේ ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya