මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාති ආගම් භේද දුරලා හදවත් මනුෂ්‍යත්වයෙන් දල්වා ගනිමු - අගමැති

    නොවැම්බර් 10, 2015

    ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ව, ජාති ආගම් භේද දුරලා, සාමයෙන් සතුටින් ජීවත් වෙන්නට අදිටන් කරගනිමින් අප හදවත් මනුෂ්‍යත්වයෙන් දල්වා ගනිමු යැයි දීපාවලී සුභ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

    අග්‍රාමාත්‍යවරයාගේ දීපාවලී සුභ පැතුම් පණිවුඩය -

     

    “නපුර පරදවා යහපත ජය ගැනීම සංකේතවත් කරමින් ලොව පුරා හින්දු බැතිමත්හු පහන් දල්වමින් අද දීපාවලී උත්සවය සමරති.

     

    හින්දුන්ට වින කළ නරක අසුරයා පැරද වූ දිනය ලෙස ද, රාම කුමරු වන වාසයෙන් මිදී සීතා සමඟ නැවත අයෝධ්‍යාවට පැමිණීම ද දීපාවලී දින විශේෂයෙන් සිහිපත් කරනු ලබයි. මේ සියලූ දේව කතා, වත්පිළිවෙත් තුළින් ප්‍රමුඛ කොට අවධාරණය කෙරෙනුයේ මිනිසා තුළ පවතින අයහපත නමැති අන්ධකාරය පළවා හැර යහපත නැමැති ආලෝකය දල්වා ගත යුතු බව ය.

     

    දෙවියන් ගැන මහත් වූ භක්තියෙන් දීපාවලී දින සිදු කරන පුද පිළිවෙත් හරහා තමා තුළ පවතින මමත්වය, තණ්හාව, ඊර්ෂ්‍යාව වැනි අකුසල් සිතුවිලි ඉවත් වී යහපත උදා කරගත හැකි බව ද හින්දු ධාර්මික විශ්වාසයයි. ඒ අනුව මෙය හින්දු බැතිමතුන්ට පමණක් නොව සමස්ත ජනතාවට ආදර්ශයන් සපයන ආගමික උත්සවයක් බව අවිවාදිත ය.

     

    ශ්‍රී ලාංකිකයන් ලෙස එක් ව, ජාති ආගම් භේද දුරලා, සාමයෙන් සතුටින් ජීවත් වෙන්නට අදිටන් කරගනිමින් අප හදවත් මනුෂ්‍යත්වයෙන් දල්වා ගනිමු. දීපාවලී දිනය වඩාත් අර්ථවත් වන්නේ එවිට ය.

     

    දීපාවලී සමරන සැමට මාගේ හද පිරි සුභාශිංසන..!  “

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya