මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව යළි රැස් වේ

    නොවැම්බර් 06, 2015

    ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, අද (06) ප.ව. 02.00ට පාර්ලිමේන්තු පරිශ්‍රයේ දී කතානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් සහ එහි සාමාජිකයින් දස දෙනාගේ සහභාගීත්වයෙන් රැස් වීමට නියමිත බව කතානායක කාර්යාලය නිවේදනය කරයි.

    පසුගිය බදාදා (04) ප.ව. 03.00ට පාර්ලිමේන්තුවේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් විය. එහිදී මෙතෙක් ස්ථාපිත කර නොමැති ස්වාධීන කොමිෂන් සභා සඳහා ලැබී ඇති නාමයෝජනා පිළිබඳව මූලික කරුණු කිහිපයක් සාකච්ඡාවට ගැනිණි.

     

    ඒ පිළිබඳ ස්වකීය නිර්දේශයන් ඉදිරිපත් කිරීමට අදාළ අවසන් තීරණයක් ගැනීම පිණිස වැඩිදුරටත් සාකච්ඡාවට භාජනය කිරීමේ අරමුණින් අද යළි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව රැස් වෙනු ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya