මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටේ ආර්ථිකය කඩා වැටීමක් නෑ-අයවැයෙන් සුරක්ෂිතභාවය ඇතිකරනවා

    නොවැම්බර් 05, 2015

    රටේ ආර්ථිකය කඩා වැටීමක් නොමැති බවත් අයවැය තුළින් සුරක්ෂිතභාවයක් ඇති කරන්නට කටයුතු කරන බවත් මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි.

    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, අද (05) පාර්ලිමේන්තුවේ දී බදු පනත් යටතේ නියමයන් සහ යෝජනා කීපයක් වෙනුවෙන් පැවැති විවාදයේ දී අඳහස් දක්වමිනි.

     

    අපේ අගමැතිතුමා රටේ ඉදිරිදැක්ම ඉදිරිපත් කළා. විසිවෙනිදා ඉදිරිපත් කරන අයවැය තුළින් අංග සම්පූර්ණ ආර්ථික ප්‍රතිපත්තිය අප පෙන්වා දෙන්නම්.

    ජනතාවගේ බදු බර අඩුකරලා,ආදායම් උත්පාදන මාර්ග තියලා, ඒ තුළින් රටේ සුරක්ෂිතභාවය ඇති කරන්නයි.අපේ
    ණය සීඝ්‍රයෙන් වැඩි වුණා.මේ රටේ ආර්ථිකය අලුත් ආකාරයකට ගෙනියන්න තියෙන්නේ. ඒ වගේම
    නාස්තිකාර වියදම් නැති කරන්න.දූෂණය නැත්තටම නැතිකරන්න අවශ්‍යයි.

    ගෙවන්නේ නැති අයගෙන් බදු ලබාගන්නා ක්‍රමයක් ඇතිකරන්න අවශ්‍යයි. ඇතැමුන්ට ලැබෙන්න තිබෙන මුදල්
    ලැබිලා නෑ.ඒ අනුව අහිංසක ජනතාවට ලැබිය යුතු සියලු දේවල්,හරි විදියට ගේන්න කටයුතු කරමින් යනවා.

     

    වාණිජ බැංකුවලට කියන්නේ, මහබැංකුව ඉදිරිපත් කරන බයි රේට් සහ සෙල් රේට් උපයෝගී කරගෙන වාණිජ
    කටයුතු කරන්න.මහබැංකුව ඉදිරිපත් කරනවා වැඩකරන්න පුළුවන් සීමාවන්.

    යම් තැන්වල මන්දගාමී ස්වරූපයෙන් කටයුතු කරනවානම්,දැන් නැගිටින්නට වෙලාව ඇවිත් තිබෙනව.අපි පිරිසිදු අලුත් ආණ්ඩුවක්. මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිතුමාත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් එක්ව යහපාලනය තුළින් යන ගමනක්.එයට කිසිම ප්‍රශ්නයක් ඇති නොවන ලෙස කටයුතු කිරීම තමයි අපි සියලු දෙනාගේම වගකීම.අපේ රටේ ආර්ථිකය කඩාවැටීමක් නොවේ තිබෙන්නේ.දණ ගැස්සු ආර්ථිකය හදාගන්නයි අපිට තිබෙන්නේ.

    ශ්‍රී ලාංකික ජනතාවගෙන් ඉල්ලන්නේ ව්‍යාපාරික ලෝකය දැන් නිගිටින්න.අවස්ථාව දෙනවා.ජාතික ප්‍රතිපත්තිය
    ගොඩගන්න කටයුතු කරන්නම්.අපි අඬිතාලම සකස් කර තිබෙන්නේ,හැමදෙනාටම එකසමානව තරඟ කළ හැකි වතාවරණයක් සකස් කර තිබෙන්නේ.

    විදේශ රටවල සේවය කරන අය නැවත අපේ රටට එන්න. ඔබේ සේවය අවශ්‍යයි.රැකී රක්ෂා ප්‍රමාණය වසරකට
    ලක්ෂයකට වැඩිය බිහිකරනවා.වසර පහකින් රැකී රක්ෂා ලක්ෂ දහයක් ඇතිකරනවා.ඒ නිසා තමාගේ මව්බිමට
    පැමිණ කටයුතු කරන්න. කිසිම බියක් ඇතිවන්නට දෙයක් නෑ. අයවැයතුළින් සුරක්ෂිතභාවයක් ඇතිකරන්නට කටයුතු කරගෙන යනවා.ආර්ථිකය සමඟ නිකරුණේ සෙල්ලම් කරන්න එපා.අලුත් ගමනක් ඉදිරියට ගෙනියනවා. ජනතා අයිතීන් සුරක්ෂිත කරන කැබිනට් එකක් තිබෙන්නේ යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya