මැයි 13, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආරක බදු ප්‍රතිපත්තියක් අනාගත පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍යයි

    නොවැම්බර් 05, 2015
    නව ආරක බදු ප්‍රතිපත්තියක් අනාගත පරපුර ආරක්ෂා කිරීම වෙනුවෙන් අවශ්‍ය වන බව මහනගර හා බස්නාහිර 
    සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.
    අමාත්‍යවරයා අද (05) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ,  බදු පනත්  යටතේ නියමයන් හා යෝජනා කීපයක් සම්බන්ධයෙන් පැවැති විවාදයේ අඳහස්  දක්වමිනි.
    අද අපි අත්විදිනවා බදු පනත් කීපයක්. සෘජු බදුවලින් රටට ලැබෙන්නේ සියයට 19%යි.මතු පරපුර වෙනුවෙන් 
    පරිසරය ආරක්ෂා කිරීමට බදු අවශ්‍යයි.මෙය අනාගතයේ අපේ රටෙත් ලොකු ප්‍රශ්නයක් වෙනවා.බදු සහනය නිසා උපරිම බදු ප්‍රමාණය සියයට 12%කට සීමා වී තිබෙනවා.
    ජනතාවට සිද්ධ වී තිබෙනවා කිරිපිටිවලින්, ඩීසල්වලින් රටේ සේවා, යටිතල පහසුකම් සඳහා බදු  ගෙවීමට.අද අග්‍රාමාත්‍යතුමා ඉදිරිපත් කළේ, මධ්‍ය කාලීන ආර්ථිකයක්.රටේ ආර්ථිකය වැඩිකරගත යුතුයි.ඒ සඳහා ඉලක්කයක් අවශ්‍යයි.විවිධ ආයතනවලට දුන් බදු සහන නිසයි අපිට ආදායම අඩු වී තිබෙන්නේ. ආර්ථිකය සුරක්ෂිත කිරීමට වර්ධනය කිරීමට සකච්ඡා කරනවා නම් එයට ප්‍රතිපත්ති ගණනාවක් ඇතුළත් විය යුතුයි.අපේ රටේ ආර්ථිකය ස්ථාවර ලෙස වර්ධනය විය යුතුයි. ඒ සඳහා ආර්ථික දේශප්‍රේමීන් අවශ්‍යයි'' යැයි අමාත්‍යවරයා පැවසී ය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya