මැයි 10, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජිනීවා යෝජනා පිළිබද සාකච්ඡා කිරීමට ජනපති ආගමික නායකයින් හමු වෙයි

    ඔක්තෝබර් 30, 2015

    ජිනීවා මානව හිමිකම් වාර්තාව මගින් ඉදිරිපත් කර ඇති යෝජනා සහ එහි අභියෝග පිළිබද සාකච්ඡා කිරීමට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සහ ආගමික නායකයින් අතර විශේෂ හමුවක් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.

    පසුගියදා ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් පැවති සර්ව පාක්ෂික දේශපාලන සමුළුවේදී ඉදිරිපත්වූ අදහස් පිළිබදවද මෙහිදී ජනාධිපතිතුමා ආගමික නායකයින් දැණුවත් කළහ.

    වත්මන් අභියෝග ජයගැනීම සදහා සියලූම ආගම් නියෝජනය වන ආකාරයට කමිටුවක් පත්කිරීමටද ජනාධිපතිතුමා මෙහිදී යෝජනා කළ අතර 25 දෙනෙකුගෙන් යුත් සර්ව ආගමික මණ්ඩලයක් පත් කිරීම සදහා ඉදිරියේදී කටයුතු කිරීමට එකඟතාවය පළ කෙරිණි.

    රට තුළ ජාතික හා ආගමික සංහිදියාව ඇතිකිරීමට ජනාධිපතිතුමා ප‍්‍රමුඛ රජය ගෙන යන වැඩපිළිවෙල පිළිබද මෙහිදී ආගමික නායකයින් සිය පූර්ණ ආශිර්වාදය පළ කළ අතර එම වැඩපිළිවෙල ලොවටම ආදර්ශයක් වන අයුරින් කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමා සමත්ව ඇති බවද ප‍්‍රකාශ කළහ.

    රජයක් වශයෙන් සියලූ දෙනා එක්ව අභියෝග වලට මුහුණදිය යුතු බවත් එහි ඇති සංකීර්ණ තත්වයන් සැළකිල්ලට ගෙන රටේ ඉදිරි සංවර්ධන සැලසුම් ක‍්‍රියාත්මක කළ යුතු බවත් ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේය.

    වර්තමානයේ උද්ගත වී ඇති ගැටළු සදහා ඉක්මන් පිළිතුරක් සොයන්නා සේම දීර්ඝකාලීන ජාතික සංහි`දියාව තහවුරු කෙරෙන වැඩපිළිවෙලක අවශ්‍යතාව කෙරෙහි අවධානය යොමුකරන බවද ජනාධිපතිතුමා පැවසීය.

    මෙම හමුවට කෝට්ටේ සාමග‍්‍රි මහා සංඝ සභාවේ මහානායක ආචාර්ය පූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර, පූජ්‍ය භානගල උපතිස්ස, පූජ්‍ය බ‍්‍රහ්මණවත්තේ සීවලී, පූජ්‍ය කීනියාවල පාලිත යන ස්වාමින් වහන්සේලාද, අගරදගුරු කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණන් ඇතුළු කි‍්‍රස්තියානි සහ මුස්ලිම් ආගමික පූජකවරු එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya