මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව රජය සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගනිමින් රට සංවර්ධනය කරා ගෙනයනවා

    ඔක්තෝබර් 19, 2015
    නව රජය රටේ සියලු ජන කොටස්වල විශ්වාසය දිනා ගනිමින් රට සංවර්ධනය කරා ගෙනයන බවත් ඒ සඳහා ජාතික වශයෙන් මෙන් ම ජාත්‍යන්තර වශයෙන් විශාල සහායක් රජයට ලැබී ඇති බවත් ඒ අනුව ලබන ජනවාරි මාසයේ සිට නව රජයේ සංවර්ධන වැඩපිළිවෙළ ශක්තිමත්ව ඉදිරියට කි‍්‍රයාත්මක කරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පැවසීය.
     
    ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, පිබිදෙමු පොළොන්නරුව, දිස්ති‍්‍රක් සංවර්ධන ව්‍යාපෘතිය යටතේ කදුරුවෙල මුස්ලිම් මධ්‍ය මහා විද්‍යාලයේ දෙමහල් පංති කාමර ගොඩනැගිල්ලේ වැඩ ආරම්භ කිරිම වෙනුවෙන් පැවැති උත්සවයට එක් වෙමිනි.
     
    රටේ අනාගතය වෙනුවෙන් සිදුකළ හැකි ඉහළ ම ආයෝජනය දරුවන්ගේ අධ්‍යාපනය සඳහා සිදු කරන ආයෝජනයන් බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිතුමා රටේ සියලු පාසල් අංග සම්පූර්ණ ලෙස ගොඩනගමින් සියලු දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීම නව රජයේ වැඩපිළිවෙළ බවද කියා සිටියේය.
     
    රටේ සංවර්ධන වැඩපිළිවෙළ විටින්විට වෙනස්වීම්වලට ලක් වන්නේ දේශපාලන තීන්දු තීරණ නිසාවෙන් බව පෙන්වාදුන් ජනාධිපතිතුමා එය සංවර්ධනය කරා ගමන් කරන රටකට සුදුසු තත්ත්වයක් නොවන බවත්, එබැවින් දේශපාලන පක්ෂවල මතිමතාන්තරවලින් එහා ගිය පොදුජන පදනමකින් රට සංවර්ධනය කරා ගෙන යාම නව රජයේ අපේක්ෂාව බවත් කියා සිටියේය.
     
    සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනාගෙන රට සංවර්ධනය කරා ගෙන යාමේ අවශ්‍යතාවය ද පැහැදිළි කළ ජනාධිපතිතුමා පසුගිය කාලය තුළ ඇතැම් දිස්ති‍්‍රක්කවල ඉදිකෙරුණු මං තීරු 04 කාපට් පාරවල්වල අද කිසිවෙකු ගමන් නොකරන තත්ත්වයට පත්ව ඇත්තේ සංවර්ධනයේ ප‍්‍රමුඛතා හඳුනා නොගෙන කටයුතු කිරීම නිසා බවද කියා සිටියේය.
     
    රට සංවර්ධනය කරා ගෙන යාමට රජය කි‍්‍රයාත්මක කර ඇති ජාතික වැඩසටහන් සමග රටේ සියලු ප‍්‍රදේශ එක සමාන සංවර්ධනයකට ගෙනයාම නව රජයේ අපේක්ෂාව බව පැවසූ ජනාධිපතිතුමා රටේ සියලු ජන කොටස් අතර සාමය, සහෝදරත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය ගොඩනගා යළි කිසිදු දිනක රට තුළ යුද්ධයක් ඇති නොවීමට පසුබිම සැකසීමට රජය කැපවී සිටින බවත් කියා සිටියේය.
     
    නොපෙනන දේශපාලන බලවේග විසින් එදා මුස්ලිම් පල්ලිවලට පහර දුන් මෙන්ම මුස්ලිම් ව්‍යාපාරිකයන්ගේ ව්‍යාපාර ගිනිබත් කළ යුගය සිහිපත් කළ ජනාධිපතිතුමා එවැනි ආකාරයේ කිසිදු කි‍්‍රයාකාරකමට ඉඩ නොතබා රටේ සියලු ජනතාවගේ නිදහස සුරක්ෂිත කිරීම නව රජයේ අරමුණ බවද පැවසීය.
     
    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පාර්ලිමේන්තු මන්තී‍්‍රවරුන්වන සිරිපාල ගම්ලත්, නාලක කොළොන්නේ, උතුරු මැද පළාත් සභා මන්තී‍්‍ර එස්. අන්සාර්ත් යන මහත්වරු ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya