මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව පාර්ලිමේන්තුව සම්මත කරයි

    සැප්තැම්බර් 03, 2015

    අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව තීරණය කිරීම සම්බන්ධව අද (03) පාර්ලිමේන්තුවේ දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ගෙන ආ යෝජනාව සම්මත විය.

    පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොඉක්මවිය යුතු බවත්, අමාත්‍ය මන්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 46(4) ව්‍යවස්ථා ප්‍රකාර පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන යෝජනාව අග්‍රාමාත්‍යවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

     

    ජනතා විමුති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා ඡන්ද විමසීමක් ඉල්ලා සිටි අතර ඡන්ද විමසීම නාමිකව සිදු විය.

     

    යෝජනාවට පක්ෂව ඡන්ද 143 ලැබුණු අතර විපක්ෂව ඡන්ද16 ලැබිණි. නොපැමිණි මන්ත්‍රී සංඛ්‍යාව 63කි. ඒ අනුව යෝජනාව සම්මත වූ බව කතානායක කරූ ජයසූරිය මහතා සභාවට ප්‍රකාශ කළේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya