මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති ජන්ම දින දා ප්‍රජා සත්කාර රැසක්

    සැප්තැම්බර් 04, 2015
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සිය ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ (03) පෙරවරුවේ පොලොන්නරුව අඩු ආදායම්ලාභී  පවුල් වෙත වියලි ආහාර සලාක බෙදා දීමේ සමාජ සත්කාරයකට සහභාගී විය. පොලොන්නරුව මිරිස්හේන ප්‍රාථමික විද්‍යාලයේ මෙම ප්‍රජා සත්කාරය සිදු කෙරිණි.
     
    එම අවස්ථාවේදී පාසල් සිසුන් පිරිවරාගෙන ඔවුන්ගේ අධ්‍යාපන ගැටලු සහ පාසලේ අඩුපාඩු විමසීමට ද ජනාධිපතිතුමා අමතක නොකළේය.
     
    මෙහිදී ජනාධිපතිතුමා මිරිස් හේන හා මැණික් හොරොව්ව ගම්වාසී පවුල් හාරසියයකට අධික අඩු ආදායම්ලාභී පවුල් වෙත වියළි ආහාර සලාක බෙදාදුන් අතර එම අවස්ථාවට ජයන්ති සිරිසේන මැතිණිය ද සහභාගි වූවාය.
     
    ජනතාව මෙහිදී තමන් මුහුණපාන පානීය ජල, කෘෂිකර්ම, අධ්‍යාපන හා සනීපාරක්ෂක ගැටලු ඉදිරිපත් කළ අතර ජනාධිපතිතුමා හැකි ඉක්මනින් එම ගැටලු විසදීමට අදාළ ක්‍රියාමාර්ග ගන්නා බවට සහතික විය.
     
    ජනාධිපතිතුමාගේ පවුලේ සාමාජිකයන් සේම අති විශාල ජනතාවක් ද ජනතා නියෝජිතයන් සහ නිලධාරීහු ද මෙම 
    අවස්ථාවට සහභාගි වී සිටියහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya