මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනපති සුරතින් වකුගඩු රෝගීන් සඳහා වන ජල පවිත්‍රකරණ යන්ත්‍රයක් ජනතා අයිතියට

    සැප්තැම්බර් 04, 2015
    මැදිරිගිරිය තලාකොළවැව ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී ඊයේ (03) ජනපති ජන්ම දිනය නිමිත්තෙන්  වකුගඩු රෝගීන් සඳහා වන දිනකට වතුර ලීටර් 24,000 ක පෙරණ යන්ත්‍රයක් ජනතා අයිතියට පැවරිණි.
     
    මහා සංඝරත්නය විසින් පවත්වන ලද පිරිත් සඡ්ඣායනා මධ්‍යයේ මෙම ජල පවිත්‍ර ඒකකය ජනාධිපතිතුමන් අතින් විවෘත කෙරුණ අතර පිරිපහදු කළ පැන් මහා සංඝරත්නයට පූජා කිරීම ද මෙහිදී සිදු කෙරිණි.
     
    මෙම අවස්ථාවට සමගාමීව සිවිල් ආරක්ෂක බලකාය විසින් පිරිනමන ලද රෝද පුටු, මැදිරිගිරිය ප්‍රදේශයේ ආබාධිත පුද්ගලයන්ට ප්‍රදානය කිරීම ද ජනපති අතින් සිදුවිය.
     
    අති පූජ්‍ය කිරිබත්ගොඩ ඥානානන්ද , පූජ්‍ය මෙඩේරිපිටියේ සුමංගල ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නය සහ ජනතා නියෝජිතයන් රැසක් ද මෙම අවස්ථාවට සහභාගි වූහ.
     
    ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya