මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරේ පමණක් නොව රටේ ප්‍රශ්න ගැනත් කතාකරන්නැයි විපක්ෂනායකගෙන් ඉල්ලා සිටිනවා

    සැප්තැම්බර් 03, 2015
    ප්‍රධාන පක්ෂ දෙක එකතු වීම ඓතිහාසික අවස්ථාවක් බවත් උතුරේ ප්‍රශ්න පමණක් නොව රටේ ප්‍රශ්න ගැනත් කතාකරන්න යැයි තමන් විපක්ෂ නායක සම්බන්ධන් මහතාගෙන් ඉල්ලා සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය.
     
    විපක්ෂ නායක ධුරය ආර්. සම්බන්ධන් මහතාට ලැබීම පිළිබඳව අපි සතුටට පත් වෙනවා යැයි ඔහු පැවසීය. තවදුරටත් අදහස් දැක් වූ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා,
     
     
    “මේ සම්මුතවාදී ආණ්ඩුවක් මොකට ද? අපට මුහුණ දීමට ජාත්‍යන්තර පරීක්ෂණ තියෙනවා. ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍යතුමා ජාත්‍යන්තර පරීක්ෂණ සඳහා කිසිවෙකු ඉදිරිපත් කිරීමට ඉඩ නොදෙන බව පැවසුවා. එම නිසා ඒවාට මුහුණ දීමට සම්මුතිවාදය අවශ්‍යයි.
     
     
    පටු දේශපාලන මත වලින් ජාතික ප්‍රශ්නය විසඳගන්න බැහැ. මනුස්සකම මත මිසක් ආගම, ජාතිය, කුලය මත තීන්දු තීරණ ගන්නා ආණ්ඩුවක් අවශ්‍ය නැහැ.
     
     
    නව ආණ්ඩුව යටතේ නව ව්‍යවස්ථාවක් අපි ස්ථාපිත කරනවා. රටක් වෙනුවෙන් තීරණ ගත යුතුයි. අපි වෙනුවෙන් තීරණ ගත යුතු නැහැ.
     
     
    පළමුව ජාතික ආණ්ඩුවක් පිහිටුවා ස්ථාවර ආණ්ඩුවක් නිර්මාණය කරගත යුතුයි. ඉන්පසුව ජාතික ප්‍රශ්න, සංස්කෘතික හා ආගමික ගැටලු, ආර්ථික හා සමාජීය ගැටලු විසඳගන්න ඕනෙ.
     
    මේ සඳහා අපි විරෝධතා දැක්වීම යුතු නොවන බවත් අප කල යුත්තේ රට ගොඩ නඟන්නට එකතු විය යුතුයි“ යැයි පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya