මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මේ රටට බලපාන ජාතික ප්‍රශ්න අනාගත පරපුරට නොදීමට කටයුතු කරමු - සභානායක

    සැප්තැම්බර් 03, 2015
     අපේ රටේ කීර්ති නාමය ආරක්ෂා කිරීමට පාර්ලිමේන්තුවේ සියලු දෙනා එකතු වී මේ රටට බලපාන ජාතික ප්‍රශ්න අනාගත පරපුරට නොදීමට කටයුතු කරමු යැයි සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා අද (03) පාර්ලිමේන්තුවේ දී පැවසීය.
     
    අලුත් ව්‍යවස්ථාවක්, නව මැතිවරණ ක්‍රමයක්, තොරතුරු දැනගැනීමේ පනතත් සම්මත කරගැනීමට කටයුතු කරමු යැයි ඒ මහතා ප්‍රකාශ කළේය.
     
     
    තවදුරටත් පාර්ලිමේන්තු සභාව ඇමතූ සභානායකවරයා,
     
     
    “අපි දින සියයේ වැඩසටහන යටතේ 19වෙනි ව්‍යවස්ථාමය සංශෝධනය ගෙනාවා. ප්‍රථම වරට ජාතික ආණ්ඩු සංකල්පය ව්‍යවස්ථාවට ඇතුළත් කළා. ඒ සඳහා දෙපැත්තෙන්ම ඡන්දය ලබා දුන්නා. දැන් ජාතික ආන්ඩුවට විරුද්දව කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කරලා ආණ්ඩුව ආපස්සට හරවන්න බෑ.
     
     
    අපි 1956 සිට හොඳ යෝජනා ගෙනාවා. සාම්ප්‍රදායානුකූළව විපක්ෂය විරුද්ධ වෙලා ඒවා විනාශ කළා. ඉදිරි අවුරුද්ද ඇතුළත අළුත් ව්‍යවස්ථාවක් හදන්නට කටයුතු කරනවා.
     
     
    උතුරු නැගෙනහිර ප්‍රශ්නයට විසඳුමක් දෙන්න නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහය අවශ්‍යයි. ශ්‍රීලනිප යේ සහය නැතිව ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දිය නොහැකියි. ජාතික ප්‍රශ්නයට විසඳුමක් ලබා දීමටනම් එක්සත් ජාතික පක්ෂයත් ශ්‍රීලනිප ත් ඒකමතිකව එකඟ විය යුතුයි.
     
     
    ජාත්‍යන්තර ප්‍රශ්නයට ශ්‍රීලනිප ත් එජාප ත් එකඟ වුවහොත් රට බේරාගත හැකියි. ප්‍රධාන පක්ෂ එකතැනකට ඇවිත් අවුරුදු දෙකක් තුළ දේශපාලන තීන්දු ගෙන ඒ සඳහා රාමුවක් හදමු. එහෙම කළොත් රටට හොඳ අනාගතයක් තිබෙනවා.“ යැයි පැවසීය.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya