මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඵලදායී මෙන්ම කාර්යක්ෂම විපක්ෂයක් ලෙස කටයුතු කරනවා

    සැප්තැම්බර් 03, 2015
    ඵලදායී මෙන්ම කාර්යක්ෂම විපක්ෂයක් ලෙස අවශ්‍ය අවස්ථාවන් වලදී කටයුතු කිරීම සූදානම් බව විපක්ෂය අනෙකුත් පක්ෂ සමඟ සුහඳව කටයුතු කරන බවත් අභිනව අටවන පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා පවසයි.
     
    විපක්ෂනායකවරයා අද පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කළේ අග්‍රාමාත්‍යවරයා ගෙනා යෝජනාවට අදහස් දක්වමින් විපක්ෂනායකවරයා ලෙස ප්‍රථම අදහස් දැක්වීම සිදු කරමිනි.
     
     
    විපක්ෂ නායක ධුරයට තමා පත් කිරීම සම්බන්ධව ස්තූතිය ප්‍රකාශ කරන බවත් ජාතික වැදගත්කමකින් යුත් රජය ගෙන එන පනත් සඳහා සහය අවශ්‍ය තැන සහය ලබා දෙන බවත් විරුද්ධ වියයුතු තැන විරුද්ධතාව පළ කරන බවත් ඒ සඳහා සියලු දෙනාගේ සහය අවශ්‍ය බව ඔහු පැවසීය.
     
     
    ඵලදායී විපක්ෂයක් ලෙස කටයුතු කිරීමට සූදානම් බව කී විපක්ෂනායකවරයා දෙමළ ජනතාවගේ ප්‍රශ්න සඳහා විසඳුමක් ලබා දීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන බව ද ඒ සඳහා සියලු දෙනාගේ සහය බලාපොරොත්තු වෙන බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya