මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක රාජකාරී අරඹයි

    සැප්තැම්බර් 03, 2015

    අභිනව අටවැනි පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක ධුරයට තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා අද (03) පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේ දී සුබ මොහොතින් තනතුරේ වැඩභාර ගත්තේ ය.

    කථානායක කරූ ජයසූරිය මහතා සහ හිටපු නියෝජ්‍ය කථානායක චන්දිම වීරක්කොඩි මහතා එම අවස්ථාවට සහභාගී වී සිටියේ ය.

     

    මුළු පාර්ලිමේන්තුව රටේ සංවර්ධනයට වග කියන ආයතනයක් බවට පත් කරන බව සඳහන් කළ කතානායක කරූ ජයසූරිය මහතා සහජීවනය සහ එක්සත්කම ඇති කිරීමටත් යහපාලනය ඇති කරන බැවින් මේ අවස්ථාවේ විශාල සේවාවක් කළ යුතුව තිබෙන බව පැවසී ය.

     

    මෙහිදී අඳහස් දැක්වූ නියෝජ්‍ය කථානායක තිලංග සුමතිපාල මහතා, ජනතාවගේ පැසසුමට වඩා විවේචනයට ලක්ව තිබූ පාර්ලිමේන්තුව උත්තරීතර පාර්ලිමේන්තුවක් බවට පත් කිරීමට කටයුතු කරන බව පැවසී ය.


    ජායාරූපය - නුවන් දුමින්ද (පාර්ලිමේන්තුව)

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya