මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජාතික ආණ්ඩුවක තිබෙන්නේ සම්මුතිවාදය යි

    සැප්තැම්බර් 03, 2015
    ජාතික ආණ්ඩුවක තිබෙන්නේ සම්මුතිවාදය බවත් මුළු පාර්ලිමේන්තුවම එකතු විය යුතු අතර විරුද්ධ වන්නේ ඇයිදැයි තමන්ට නොතේරුණු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
     
    “පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොඉක්මවිය යුතු බවත්, අමාත්‍ය මන්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 46(4) ව්‍යවස්ථා ප්‍රකාර පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි“ යන අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව පාර්ලිමේන්තුවේ අද විවාදයට ගැනීමට අවසර ගැනිමෙන් පසුව අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
     
    ජාතික ආණ්ඩුව පිහිටුවීමට විරුද්ධ වන්නේ ඇයිදැයි තේරෙන්නේ නැති බවත් අලුත් දේශපාලන ක්‍රමයකට යන්න අවශ්‍ය බවත් කුමන පක්ෂය දින්නත් කුමන පක්ෂය පැරදුනත් ජාතික ප්‍රතිපත්ති රාමුවක් ඇති කිරීම අත්‍යවශ්‍ය බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.
     
     
    අද අපි එක තැනකට පැමිණිය යුතු බවත් එකග වී ඉදිරියට යා යුතු බවත් පැවසූ අග්‍රාමාත්‍යවරයා අපව පසු කරගෙන වෙනත් රටවල් ඉදිරියට ගොස් ඇති බව ද පැවසුවේ ය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya