මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව පිළිබඳ විවාදයට අවසර

    සැප්තැම්බර් 03, 2015
     පාර්ලිමේන්තුව මිනිත්තු 10කට කල් තැබීමට කථානායක කරූ ජයසූරිය මහතා මීට සුළු මෙහොතකට පෙර ප්‍රකාශ කළේය.
     
    අද පාර්ලිමේන්තුවේ යෝජනා පිළිබඳ දැනුම් දීමෙන් පසුව ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් අතර පක්ෂ හා විපක්ෂ අදහස් පළ කෙරුණ අතර එහිදී මන්ත්‍රිවරුන් ජාතික ආණ්ඩුවක් සම්බන්ධයෙන් නීතිමය සහ ව්‍යවස්ථාමය කරුණු සභාව හමුවේ ඉදිරිපත් කළේය.
     
     
    මෙහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේ මෙය ඓතිහාසික අවස්ථාවක් බවත් ජාතික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් තීරණයක් ගතයුතුව තිබෙන බවත් ය.
     
     
    “පාර්ලිමේන්තුවේ වැඩිම ආසන සංඛ්‍යාවක් ලබා ඇති එක්සත් ජාතික පක්ෂය විසින් ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බැවින්, අමාත්‍ය මණ්ඩලයේ අමාත්‍යවරුන් සංඛ්‍යාව 48ක් නොඉක්මවිය යුතු බවත්, අමාත්‍ය මන්ඩලයේ සාමාජිකයන් නොවන අමාත්‍යවරුන්ගේ හා නියෝජ්‍ය අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව 45ක් නොඉක්මවිය යුතු බවත්, ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්තාවේ 46(4) ව්‍යවස්ථා ප්‍රකාර පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබයි“ යන්න අග්‍රාමාත්‍යවරයාගේ යෝජනාව යි.
     
     
    මෙම යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී විවාදයට ගත හැකි බව කථානායකවරයා පෙරවරු 11.09ට පාර්ලිමේන්තුව විනාඩි 10කට කල් තැබීමෙන් පසු ප්‍රකාශ කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya