මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඊයේ වනවිට රජය වී මෙට්‍රික් ටොන් 80,406ක් මිලදී ගෙන තිබුණා

    සැප්තැම්බර් 03, 2015
    ඉතිහාසයේ යල කන්නයේ වැඩිම අස්වැන්නක් වාර්තා වී ඇත්තේ 2010 වසරේ දී වන අතර ඒ වසරේ දී රජය වී මෙට්‍රික් ටොන් 111,756ක් මිලදී ගත් බවත් මේ යල කන්නයේ දී වී මෙට්‍රික් ටොන් 120,000ක් මිලදි ගැනිමට අප මුදල් ප්‍රතිපාදන වෙන් කර ඇති බවත් ඊයේ වනවිට රජය වී මෙට්‍රික් ටොන් 80,406ක් මිලදී ගෙන තිබෙව බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
     
    අද (03) පාර්ලිමේන්තුවේ දී වී අස්වැන්න විකුණා ගැනීම සම්බන්ධයෙන් මතු වී ඇති ගැටලු පිළිබඳව ස්ථාවර නියෝග 23/3 යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය.
     
     
    රජය වී සඳහා උපරිම මිලක් ගොවියාට ගෙවන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා කීරි සම්බා සහ සම්බා වර්ගයේ වී කිලෝවක් සඳහා රුපියල් 50ක් ද නාඩු සඳහා රුපියල් 45ක් ද ගෙවන බව සහ මෙම මිල ප්‍රතිලාභය ගොවීන් වැඩි පිරිසකට භුක්ති විඳීමේ අවකාශය සැලසීම සඳහා එක් ගොවියෙකුගෙන් මිලදී ගන්නා වී ප්‍රමාණය කිලෝ 2000කට සීමා කළ බව පැවසීය.
     
     
    රජයේ පංචවිධ ක්‍රියාවලිය ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් පරිදි අස්වනු මිලදී ගැනීම සඳහා පූර්ණ බලැති ජාතික කෘෂිකාර්මික අධිකාරියක් ස්ථාපිත කිරීමට පියවර ගන්නා බවත් ගබඩා පහසුකම් වැඩි දියුණු කරන බවත් වී සහ සහල් ආශ්‍රිත නව නිෂ්පාදන කෙරෙහි අවධානය කරන බවත් වික්‍රමසිංහ මහතා කියා සිටියේය.
     
     
    ජනාධිපතිතුමාගේ මෙහෙයවීම යටතේ සියලු පක්ෂ නායකයින් සමඟ මේ ගැටලුව සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya