මැයි 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොලොන්නරු දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතියේ කටයුතු වසර 05කින් අවසන් කිරීමට ජනපතිගෙන් උපදෙස්

    ජූලි 13, 2015
    දීර්ඝ කාලයක් පුරා අසාධාරණයට ලක් වූ පුලතිසිපුර ජනතාවට සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දීමේ අරමුණෙන් ආරම්භ කෙරුණු පොලොන්නරු දිස්ත්‍රික් සංවර්ධන ව්‍යාපෘතිය වසර 05කින් අවසන් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේය.
     
    ජනාධිපතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති පොලොන්නරු දිස්ත්‍රික් සංවර්ධන කමිටු නියෝජිත හමුවට එක්වෙමිනි.
     
    ව්‍යාපෘතියේ මුල් වසර 02 තුළ දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය, සෞඛය හා පානීය ජලය පිළිබද විශේෂ අවධානයක් යොමු කර කටයුතු කරන ලෙස ද ජනාධිපතිතුමා  උපදෙස් දෙනු ලැබීය.
     
    එමෙන්ම නගරයෙන් බැහැර ග්‍රාමීය පාසල් සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු බවත් පොලොන්නරු දිස්ත්‍රික් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස හතෙන් පාසල් 07ක් තෝරාගෙන ඒවායේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනයට විශේෂ ප්‍රමුඛතාවන් ලබා දිය යුතු බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.
     
    මෙම අවස්ථාවට මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එස්. සමරතුංග, නාගරික සංවර්ධන හා ජලාපවහන අමාත්‍යාංශයේ ලේකම් කේ. හෙට්ටිආරච්චි, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන් මහත්වරු, උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකතුමා ඇතුළු පොලොන්නරු දිස්ත්‍රික්කයේ නිලධාරීහු විශාල පිරිසක් සහභාගී වී සිටියහ.
     
     
    NDH/ ඡායාරූප - ජනාධිපති මාධ්‍ය අංශය

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya