අමාත්‍යවරයා ඊයේ (25) පාර්ලිමේන්තුවේ දී මේ බව ප්‍රකාශ කළේ, ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කළ ගෝලීය ත්‍රස්තවාදය පිළිබඳ වාර්තාව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා යොමු කළ සභාව කල්තබන අවස්ථාවේ යෝජනාවේ විවාදයට පිළිතුරු කතාව කරමිනි.
ජනවාරී 08 ජනතා මතය අනුව වැඩ කරනවා. ස්වෛරීභාවය ඉහළ තත්ත්වයෙන් අපි රැකිය යුතුයි. ශ්‍රී ලංකාවේ දේශීය යාන්ත්‍රණයට ජාත්‍යන්තර විශේෂඥ සහය ලබාගන්නවා.
ඩයස්පෝරාවේ කතාව රට තුළ ඉස්මතු වෙලා. ඩයස්පෝරා උළෙලක් පවත්වනවා කිව්වා. ඒ නිසා විවිධ අය විවිධ විදියට මේ ආණ්ඩුවට පහර දෙන්න හදනවා. පසුගිය රජයේ මැති ඇමතිවරු ඒ අය සමඟ මිත්‍රකම් කරනකොට කතා කළේ නෑ. අපි කතා කරන්නේ එල්.ටී.ටී.ඊ සංවිධානයේ සල්ලි එකතු කරන අය සමඟ, ඒ වෙනුවෙන් පෙනී සිටින අය සමඟ නොවේ.
උගත් පාඩම් වාර්තාව කියපු ලෙසට අපි සාකච්ඡා කරන්නේ, සෑම කෙනෙක් ම දිනාගත යුතුයි, රට ඉදිරියට ගෙනි යන්නට නම්. අපි සාකච්ඡ කළ, එහෙත් දේශපාලන විසඳුම් යුද අපරාධ පිළිබඳ සාකච්ඡා කළේ නෑ.
මේ අයට ශ්‍රී ලංකාවේ ආයෝජනය කරන්න අවස්ථාව ලැබෙනවා නම් උතුරේ, දකුණේ තරුණයන්ට රැකියා ඇති වේවි. එල්.ටී.ටී.ඊ යළි හිස ඔසවනවා කියන්නේ 2014 වාර්තාව. ඒ රජපක්ෂ පාලනයයි. යුරෝපා සංගමය එල්.ටී.ටී.ඊ තහනම ඉවත් කළා. විදේශ අමාත්‍යවරයා ලෙස ඒ තහනම ඉවත් කර යළි තහනම ක්‍රියාත්මක කර ගැනීමට අපට හැකි වුණා.
එදා එල්.ටී.ටී.ඊ සංවිධානයට එරෙහි ව යුද්ධයට උදව් කළ අතැම් රටවල් අපට ජිනීවා හිදී එරෙහි වුනා. විදේශ ඇමතිවරයා ලෙස එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් කිරීමට පියවර ගත්තා. ඒ අවස්ථාවේ දී එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහි ව කටයුතු කරන්නට, මිත්‍රශීලී ජාතින් අපට උදව් කළා. ජාත්‍යන්තර ප්‍රජාවගේ සහයෙන් එල්.ටී.ටී.ඊ තහනම් සංවිධානයක් ලෙස නම් කිරීමට හැකි වුණා.
ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන අලුත් ප්‍රජතන්ත්‍රවාදී අවස්ථාවන්, 19 සම්මත වීම ජාත්‍යන්තරයේ කතාකරමින් තිබෙන අවස්ථාවක, අපට සාමූහිකව වැඩකළ හැකි අවස්ථවක් ලැබී තිබෙනවා.
ශ්‍රී ලංකාවට ඉතා හොඳ නීතිය පාලනය පිළිබඳ ඉතිහසයක් තිබෙනවා. ඉතා හොඳ මූල්‍ය ඉතිහාසයක් තිබෙනවා. අපි අනාගත පරපුරේ යහපත සඳහා මෙවැනි වගවීම් ක්‍රියාවලීන් පවත්වාගෙන යා යුතු බව ද අමාත්‍යවරයා පැවසී ය.