ඒ සඳහා සියලු ම රාජ්‍ය සහ පෞද්ගලික ආයතන තමන් වෙත පැවරී ඇති වගකීම් නිසි ලෙස ඉටු කළ යුතු බව ද ජනාධිපතිතුමා පැවසීය.
ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ප‍්‍රගති සමාලෝචන රැස්වීමට ඊයේ (25) පෙරවරුවේ එක්වෙමිනි.
ඝන අපද්‍රව්‍ය කළමනාකරණය පිළිබඳ එහිදී විශේෂ අවධානයක් යොමු වූ අතර ඒ සඳහා දැනට ඉදිරිපත් කර ඇති ව්‍යාපෘති සහ ඒවා කි‍්‍රයාත්මක කිරීමේදී මතුව ඇති ගැටලු මෙන්ම ඒවාට ලබාදිය හැකි විසඳුම් පිළිබඳව ද දීර්ඝ වශයෙන් සාකච්ඡා විය.
පළාත් පාලන ආයතනවල අපේක්ෂිත වගකීම් නිසිලෙස ඉටු නොවීම මතු ව ඇති ප‍්‍රධාන ගැටලුවක් බව මෙහිදී නිලධාරීන් පෙන්වා දුන් අතර සුදුසු ඉඩම් සොයා ගැනීමේ ගැටලුව, උපද්‍රවකාරී අපද්‍රව්‍ය අනවසර ලෙස බැහැර කිරීම ආදි කරුණු පිළිබඳවද අවධානය යොමු විය.
මහවැලි සංවර්ධන විෂයට අදාළ සාකච්ඡාවේදී මහවැලි සංවර්ධන අමාත්‍යාංශය විසින් කි‍්‍රයාත්මක කර ඇති ව්‍යාපෘතිවල ප‍්‍රගතිය සහ ඉදිරි සැලසුම් පිළිබඳ දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
විශේෂයෙන් වේලි ආරක්ෂණ ව්‍යාපෘතිවල ඉදිකිරීම් විධිමත් භාවයෙන් තොරවීම නිසා මතුව ඇති ගැටලු පිළිබඳ ජනාධිපතිතුමා එහිදී නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
මොරගහකන්ද සංවර්ධන ව්‍යාපෘතියෙන් ඉඩම් අහිමිවූවන් නැවත පදිංචි කිරීමේ කටයුතුවල ප‍්‍රගතිය පිළිබඳව ද අවධානය යොමු විය.
NDH/priu