තානාපති ජින් මරින් ශු මහතා ජනාධිපති කාර්යාලයේ දී පෙරේදා (24) ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා හමුවූ අවස්ථාවේ දී මේ බව සඳහන් කළේය.
නව රජය මේ වසරේ ජනවාරි මාසයේ දී බලයට පත්වූ පසු ප‍්‍රංශ වෙළෙඳ හා ආයෝජන ව්‍යාපාරිකයන් හා සංචාරකයන් පැමිණීමේ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයි තානාපතිතුමා පැවෙසීය. ප‍්‍රධාන පෙළේ ප‍්‍රංශ සමාගම් ශ‍්‍රී ලංකාව තම ආසියානු මූලස්ථානය බවට පත්කිරීමට සාකච්ඡා කරන බවත්, මෙම වසරේ ප‍්‍රංශ සංචාරකයන් පැමිණීමේ සංඛ්‍යාව 100,000 ඉක්මවා යනු ඇතැයි අපේක්ෂා කරන බවත් සඳහන් කළේය.
ප‍්‍රංශ රජය ශ‍්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා ලබා දී ඇති ආධාර පිළිබඳව ජනාධිපති සිරිසේන මහතා සිය ස්තූතිය පුද කළේය. එතුමා ප‍්‍රංශ ආධාර ඇතිව මාතලේ පිහිටුවන ලද නව ජල පවිත‍්‍රාගාරය ගැන ද විශේෂයෙන් සඳහන් කළේය.
ආහාර නිෂ්පාදනය, ඖෂධ හා මත්ද්‍රව්‍ය ජාවාරම් තුරන් කිරීම, වැලැක්වීම සහ පරිසරය ආරක්ෂා කිරීම වැනි ප‍්‍රධාන වැඩසටහන් තමා දියත් කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ප‍්‍රංශ රජයේ සහයෝගය ඉල්ලා සිටියේය.
තානාපති මරින් ශු මහතා 2015 දෙසැම්බර් දී ප‍්‍රංශය ‘CUP 21’නමින් ජාත්‍යන්තර දේශගුණික සමුළුවක් පැරිසියේ දී සංවිධානය කරන බව සඳහන් කර මෙම සමුළුව සාර්ථක කර ගැනීම සඳහා ශ‍්‍රී ලංකාවේ සහභාගීත්වය ඉල්ලා සිටියේය. 40,000කට වැඩි පිරිසක් දේශගුණික සමුළුවට සහභාගී වන බවත් ඔහු සඳහන් කළේය.
NDH/priu