ඊයේ (05) දිනයේ ආරම්භ වූ මෙම වැඩසටහන පැවැත්වෙන දෙදින තුළ පාරිසරික ප්‍රදර්ශනයක්, පාගමනක්, විවෘත සංවාද, දේශන මාලා සහ සංස්කෘතිකාංග රැසක් පැවැත්වේ. අද දින පස්වරුවේ ද විවෘත සංවාද දෙකක් පැවැත්වීමට නියමිතය.
ජනාධිපතිතුමා පාරිසරික ප්‍රදර්ශනය නැරඹීමෙන් අනතුරුව විශේෂ දේශනයක් ද පැවැත්වීමට නියමිත අතර මෙහිදී සම්මාන ප්‍රදානයක් ද ජනාධිපතිතුමන් අතින් සිදු කෙරේ.
“බිලියන 7ක ජනකායක් - එක මිහිමඬලක් - අරපරිස්සම් වෙමු“ තේමාව යටතේ මෙවර පරිසර දින වැඩසටහන පැවැත්වේ. පරිසර රජ්‍ය අමාත්‍යංශයේ උපදේශකත්වයෙන් පාරිසරික ජන සංසදය හා කොළඹ මහ නගර සභාව ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
අද දින (06) වැඩසටහනේ මූලිකාංග
පෙ.ව. 09.00 - ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සම්ප්‍රාප්තිය
පෙ.ව. 09.05 - ජනාධිපතිතුමා ප්‍රදර්ශනය නැරඹීම
පෙ.ව. 09.30 - මිහිමව් ප්‍රසාදිනී සම්මාන සභාව
පෙ.ව. 09.45 - පරිසර රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් වජිර නාරම්පනාව මහතාගේ අදහස් දැක්වීම
පෙ.ව. 10.00 - සම්මාන ප්‍රදානය
පෙ.ව. 10.20 - ජනාධිපතිතුමන්ගේ විශේෂ දෙසුම
පෙ.ව. 13.30 - විවෘත සංවාදය - “ශ්‍රී ලංකාවේ මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති සහ පාරසරික ගැටළු
සජීව චාමිකර, අධ්‍යක්ෂ, පරිසර සංරක්ෂණ භාරය
පෙ.ව. 15.00 - විවෘත සංවාදය - ජීවිතය හා පරිසරය පිළිබඳ කලාව
කරුණාදාස මුණගම, සභාපති, මිහිතල මිතුරෝ පරිසර සංවර්ධන පදනම
පෙ.ව. 17.00 - පරිසර සැමරුම් උළෙලේ සමාප්තිය
SDF