නොවැම්බර් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අප සතු වගකීම පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වැළකීමයි - ජනපති

    ජූනි 05, 2015

    ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ජගත් පරිසර දින (ජුනි 05) පණිවුඩය:

     

    "මිනිසා සහ පරිසරය අතර පවත්නා අන්‍යෝන්‍ය සංහිඳියාව සහ සහජීවනය මිහිතලය මත ජීවියාගේ පැවැත්ම ඇරඹුණු ඉතිහාසයේ සමාරම්භක අවධිය දක්වා දිවයන අසිරිමත් බැඳීමකි.

    වසර 1972 පැවති පරිසර සමුළුවේ දී ගන්නා ලද තීරණයකට අනුව සෑම වසරකම ජූනි 05 වැනි දිනය ජගත් පරිසර දිනය ලෙසින් නම් කරනුයේ පරිසර සංරක්ෂණය කෙරෙහි ලෝක ප්‍රජාවගේ දැඩි අවධානය යොමු කරනු පිණිස ය. මෙවර පරිසර දිනයේ  තේමාව වනුයේ “තිරසර භාවිතය-සුරකී මිහිතලය“ යන්න ය.

     

    සොබාදහමේ දරුවන් ලෙසින් අද දවසේ අප සතු යුතුකම සහ වගකීම වනුයේ පරිසරයට එරෙහි මානව ක්‍රියාකාරකම් වළකා ස්වාභාවික උරුමයන්ගේ නිරුපද්‍රිත පැවැත්ම උදෙසා ඇප කැපවීමය. එහිලා සත්ත්ව හා වෘක්ෂලතා ආඥාපනත නොබියව හා පක්ෂාග්‍රාහී බවින් තොරව දැඩි ලෙස ක්‍රියාත්මක කිරීමත්, සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට පෙර සංකල්පීය අවධියේ දී පාරිසරික බලපෑම් පිළිබඳව මූලික ඇගයීම් වාර්තා ඔස්සේ පරිසර හිතකාමී ව්‍යාපෘති ලෙස ආරම්භ කිරීමත් පරිසරය වෙනුවෙන් ගත හැකි සාධනීය පියවර වේ.

     

    අප රජය වනාන්තර සහ වනජීවීන්ගේ සුරක්ෂිත පැවැත්ම ආරක්ෂා කරනු උදෙසා වන විනාශය වැළැක්වීම සේම සංවේදී පරිසර පද්ධති සංරක්ෂණය සඳහා ද නව නීතිරීති හමුවට පැමිණවීමට පියවර ගනු ඇත. මේ සියල්ලෙන් අපේක්ෂා කරනුයේ සකලවිධ පාරිසරික විනාශකාරී ක්‍රියාවන්ට එරෙහි නීති බලාත්මක කරමින් පරිසරයට, ගහකොළට සේම සතා සිව්පාවාට ආදරය කරනු ලබන පරපුරක් බිහිකිරීමය.

     

    මෙවර ජගත් පරිසර දිනයේ අප සියල්ලන්ගේ අධිෂ්ඨානය විය යුත්තේ පරිසරයට රැකවරණය සැලසෙන එවන් හෙටක් නිර්මාණය කිරීම ය."

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya