මැයි 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ ත්‍රී පුද්ගල කමිටුවේ වාර්තාව ගැන සලකා බැලීමට කතානායකගෙන් අවසර

    මැයි 21, 2015

    භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුව පිළිබඳ සොයා බැලීම සඳහා පත් කළ ත්‍රී පුද්ගල කමිටුවේ වාර්තාව සලකා බැලීම සඳහා විපක්ෂයේ මන්ත්‍රීවරුන් කළ ඉල්ලීමට කතානායක චමල් රාජපක්ෂ මහතා අද (21)පාර්ලිමේන්තුවේදී අවසර ලබා දුන්නේය.


    මෙහිදී අදහස් දැක්වූ සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා, සිද්ධිය සම්බන්ධයෙන් කාතානායකතුමා තීන්දුවක් ලබා දුන්නා. අර්ජුන් මහේන්ද්‍රන්ට දිය හැකි ලොකුම ගෞරවය ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී තිබෙනවා. එතුමාව නිදහස් කර තිබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණය නිදහස් කර තිබෙන පුද්ගලයෙක් පිළිබඳව පාර්ලිමේන්තුවේ විවාද කරන එක වැරදියි. මෙය සම්පූර්ණයෙන්ම අගමැතිතුමාටත් මුදල් ඇමැතිතුමාටත් මඩ ගැසීමේ අරමුණින් කරන්නේ. රාජ්‍ය සේවකයෙකුට විශ්වාසභංගයක් ගෙනාවොත් ග්‍රාමසේවක මහත්වරුන්ට විරුද්ධවත් ගෙන ඒවා ගෙන එයි. මේ වැරදි පූර්වාදර්ශය දෙන්න එපා යැයි පැවසීය.

    මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ, බැඳුම්කර නිකුත් කිරීම පිළිබඳව අපි සාකච්ඡා කළ යුතුයි. උදේශක කාරක සභා පත් කළේ මෑතකදීයි. මේවා කැඳවා වාර්තා ගැන සාකච්ඡා කරනවා.කොප් කමිටුව රැස්කරන ලෙසට කතානායකතුමා ඉල්ලීමක් කළා. බැඳුම්කර සම්බන්ධයෙන් සොයා බැලීම පත් කළ කමිටු වාර්තාවේ පුද්ගලික ඍජු ඉල්ලීම් හෙළා දැක තිබෙනවා.

    හිටපු මහ බැංකු අධිපති බලයක් නැතිව ක්‍රියා කර තිබූ ආකාරය මේ වාර්තාවේ තිබුණා. ඔහු කෝප් කමිටුවට කැඳවා එසේ කළේ ඇයි දැයි විමසිය යුතුයි. හිටපු මහ බැංකු අධිපති ආරක්ෂා කරනවා. 2012-2015 දක්වා කාලය තුළදී සිදු වූ සියලු දේ පරීක්ෂා කළ යුතුයි. ඔබලාගේ රජයේ කාලයේ වංචා සිදු වුණේ යැයි අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya