අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී ස්ථාවර නියෝග 23 (2) යටතේ විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා මහතා නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රටේ ආර්ථිකය කාපු අය ගෝල්ඩන් කී කඩා වැට්ටුවා. මිලියන 26,800ක තැන්පත් වටිනාකම නිරාකරණය කරන්න ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට ගියා. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දුන් එකඟතාව අනුව අපි කටයුතු කරන්නේ. මේ තැන්පත්කරුවන්ට දැන් ගෙවන්න යන කොට අහනවා, මේක සාධාරණ ද කියලා.
දින 100න් කරන වැඩවලින් 91%ක් කර අවසන් කළා. අවුරුදු 12ක් ආණ්ඩුව නැති කරපු එක දින 100න් කරන්න බැහැ. මේ ගෙවීම් ගැන ජනාධිපති හා අගමැති අදාළ උපදෙස් ලබා දී තියෙනවා. අදාළ ලැබීම්, මුදල් ආපසු ගෙවීමේ සැලසුම් ලිඛිත ව ශ්‍රේෂ්ඨාධිකරණයට දෙන්නම්. මේක මෝෂන් එකක් දාලා ගෙවන්න හැකි නම් ලබන සඳුදා සිට ගෙවිය හැකි බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.