ඒ අනුව ඉදිරි මහ මැතිවරණයේ දී අගමැති අපේක්ෂකත්වය, පළාත් පාලන ආයතන විසුරුවා හැරීම, ඉදිරි මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කිරීම, අපේක්ෂකයන් සඳහා නාමයෝජනා ලබාදීම හා විශේෂ අපරාධ විමර්ශන කොට්ඨාසයේ දේශපාලනීකරණය වීම පිළිබඳ ව ඇතැම් මන්ත්‍රීවරුන් නගා ඇති චෝදනා පිළිබඳ ව විමසීම් සිදු කළ අතර ඒ පිළිබඳ ජනාධිපතිතුමා අවධානය යොමු විය.
මෙහිදි සාකච්ඡාවට ලක් වූ සියලු කරුණු ඉදිරියේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟතාවය පැමිණ තිබේ.
එමෙන් ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය වෙනුවෙන් ඉදිරියේ දී සියලුදෙනා එක්ව ක්‍රියාකිරීම පිළිබඳ ව ද සාකච්ඡා වූහ.
මධ්‍යම කාරක සභාවේ තීරණයන්ට අනුව පක්ෂයේ සියලු දෙනා විනයානුකූලව කටයුතු කිරීමේ අවශ්‍යතාවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විශේෂ අවධානයට ලක් කළේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් අනුර ප්‍රියදර්ශන යාපා, විපක්ෂ නායක නිමල් සිරිපාල ද සිල්වා, රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, ඩලස් අලහප්පෙරුම, බන්දුල ගුණවර්ධන, කුමාර වෙල්ගම, මහින්දානන්ද අලුත්ගමගේ, මහාචාර්ය ජී.එල්. පීරිස් යන මහත්වරු සහභාගි වූහ.
DB