මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීමේ ජාතික වැඩසටහන ඇරඹේ

    අප්‍රේල් 30, 2015

    ඒකාබද්ධ ග්‍රාමීය මාර්ග පුනරුත්තාපනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ මාතර, මොරවක, පරගල, දියදාව මාර්ගයෙන්  'අයි' මාර්ග ව්‍යාපෘතිය නිල වශයෙන් ආරම්භ කිරීම පසුගියදා (26) අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

    මෙම ව්‍යාපෘතිය දකුණු, සබරගමු සහ මධ්‍යම පළාත් ආවරණය වන පරිදි එනම්, දිස්ත්‍රික්ක 8 ක් පුරා ක්‍රියාත්මක වන වැඩසටහනක් බව කිව යුතුයි. නව ව්‍යාපෘතියක් වන අතර මෙය යටතේ සිදුවන්නේ ග්‍රාමීය මාර්ග දියුණු කිරීමයි. ‍

     

    මෙම ව්‍යාපෘතිය සඳහා ආසියානු සංවර්ධන බැංකුව මුදල් ලබා දී තිබෙන අතර 'අයි' මාර්ග ව්‍යාපෘතිය යටතේ මාතර දිස්ත්‍රික්කයේ පමණක් කිලෝ මීටර 200 ක ග්‍රාමීය මාර්ග පද්ධතියක් දියුණු කෙරෙන බවත් ‘ඒ‘ මාර්ගවලින් කිලෝ මීටර් 90ක මාර්ග පද්ධතියක් අයිති වන්නේ මාතර දිස්ත්‍රික්කයේ, දෙනියාය මැතිවරණ කොට්ඨාශයට බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරයි.

     

    තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා,

     

    “පැවැති ආණ්ඩුව ග්‍රාමීය මාර්ග ඉදි නොකළ අතර ග්‍රාමීය මාර්ග ඉදිකිරීම සඳහා යැයි කියමින් ඒ ඒ මාර්ගවල ගල් ගොඩවල් ගැසුවත් මාර්ගය ටිකක් ඉදිකර ඊට පසුව ඒ ඉදිකිරීම් කටයුතු සම්පූර්ණයෙන්ම නතර කළා. ඒ අය ග්‍රාමීය මාර්ග දියුණු නොකළේ විශාල මාර්ග ඉදිකිරීමෙන් මුදල් උපයනවා වගේ ග්‍රාමීය මාර්ග දියුණු කිරීමෙන් එසේ මුදල් හම්බ කළ නොහැකි නිසයි.

     

    අපට අවශ්‍ය වන්නේ එසේ සල්ලි හම්බ කිරීමට නොව, ගම ඇතුලේ වැඩ කටයුතු කරමින් සංවර්ධනය කර ජනතාවට සහන සැලසීමටයි. ආසියානු සංවර්ධන බැංකුවේ ආධාර ගෙන 'අයි' මාර්ග ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළේ ඒ නිසයි. මේ ව්‍යාපෘතිය යටතේ ඉදිකෙරෙන්නේ ග්‍රාමීය ජනතාව නිතර පාවිච්චි කරන යන එන කුඩා ප්‍රමාණයේ මාර්ගයි.

     

    සංවර්ධනය කියන්නේ මහාමාර්ග ඉදිකර කොමිස් ගසා මුදල් හම්බ කිරිම නොව කර්මාන්තශාලා ආරම්භ කරමින් ඇති කරන ආර්ථික දියුණුවයි. එමෙන්ම රටේ කෘෂි කර්මාන්තය නවීකරණය කර දියුණු කිරිම සහ සංචාරක ව්‍යාපාරය දියුණු කර ජනතාවට ඉහළ ආදායමක් ලබාදීමයි.

     

    තවත් බොරු කරමින් මේ රටේ ජනතාව රැවටීමට අපට හැකියාවක් නොමැති අතර අප අලූත් දේශපාලන සංස්කෘතියක් වෙත රට ගෙන යා යුතුයි. ජනතාව අතර බඩු බෙදා ඡන්ද දිනීමට හැකියාවක් ඇත්තේ නැහැ. ජනතාව අපට ආණ්ඩු බලය ලබා දෙන්නේ රට දියුණු කර ඒ අයගේ ජීවන තත්ත්වය නගාසිටුවීම සඳහායි.

     

    'අයි' මාර්ග ව්‍යාපෘතියට සම්බන්ධව අපේ සාගල රත්නායක මහතා වැඩ කටයුතු කරන නිසා එම ව්‍යාපෘතිය යටතේ පළමු වැඩසටහන මාතර, දෙනියායේ ක්‍රියාත්මක කිරීමට අප තීරණය කළා. එම මාර්ග ව්‍යාපෘතිය මුළින්ම මාතර, මොරවක, පරගල ක්‍රියාත්මක කළ යුතු බව එතුමා මට පෙන්වා දුන් අතර අප ඊට එකඟ වුණා. “ යැයි ද පැවසීය.

     

    SDF

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya