මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අද වැඩ කරන ජනතාවගේ දිනය යි

    මැයි 01, 2015

    අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මැයි දින පණිවුඩය,

     

    “අද වැඩ කරන ජනතාවගේ දිනය යි. දහදිය, ශ්‍රමය වැය කොට ලෝකයේ පැවැත්ම තහවුරු කරන ධෛර්යවන්ත මිනිසුන්ගේ දිනය යි.  

    කම්කරු ජනතාවගේ හිමිකම් මර්දනයෙන් යටපත් කර තිබූ ඒකාධිපති පාලනයකට එරෙහිව ගෙන ගිය සුවිශාල සමාජමය අරගලයක කෙළවර දැන් නිදහසේ හුස්ම ගත හැකි දේශපාලන වටපිටාවක් නිර්මාණය වී ඇත. සමස්ත ලෝක කම්කරු ජනතාව සමඟ අද ලාංකේය වැඩබිමේ විරුවන් කම්කරු දිනය සමරන්නේ එකී නිදහසේ සතුටත් සමඟ බව නිසැක ය. ජීවිත පරිත්‍යාගයෙන් ද, බොහෝ කටුක අත්දැකීම්වලට මුහුණ දෙමින් ද ඒ ලබා ගත් නිදහස අර්ථසම්පන්න කර ගන්නට තවදුරටත් අපි එක්සත් ව කටයුතු කළ යුතු වෙමු.

     

    තිරසර සංවර්ධන ක්‍රියාදාමයක් තුළ දේශය ගොඩනැංවීමට ද, ඒ තුළ ජනතාවගේ ජීවිත සමෘද්ධිමත් කිරීමට ද අපි පෙළගැසිය යුතු වෙමු. වැඩ කරන ජනතාව එම සංවර්ධන ක්‍රියාදාමයේ පෙර ගමන්කරුවන් ය. ඔවුන්ගේ දහදිය, ශ්‍රමය රටක අනාගතය තීරණය කරන බව ඉතිහාසය පුරාම අපි අත්දැක ඇත්තෙමු.

     

    ඒ ශ්‍රමයට නිසි ගෞරවය සහ ඇගයීම ලබා දෙමින්, කම්කරු අයිතීන් තහවුරු කරමින්, ඔවුන්ගේ ජීවන අපේක්ෂාවන් ඉටුකර ගැනීමට අවශ්‍ය පසුබිම සකසා දීම වත්මන් රජයේ අභිලාෂයයි.

     

    උදා වූ නව දේශපාලන සංස්කෘතිය ඔබේ වැඩ බිමේ අරගලය ජයගන්නට, දේශයේ දියුණුවට කැපවන්නට ශක්තියක් ම වේවා යි ප්‍රාර්ථනය කරමි.“

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya