ප්‍රවීණ ගායන ශිල්පී හරූන් ලන්ත්‍රා මහතා අද (21) කැලණිය - පොල්හේන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ දී අභාවප්‍රාප්ත වී ඇත.
අගමැතිගේ ශෝක පණිවුඩය,
“ආදරයේ රන් දොරටු හරිමින්, සංවේදී හදවත් ස්නේහයේ මල් සුවඳින් නහවමින් හෙමින් ඉගිල්ලී ආ සුළං කුරුල්ලා තම ජීවන ගීතයට සමුදෙමින් නික්ම ගොසිනි. රසික සිත්සතන් තුළ තම මධුර මනෝහර ගායනයෙන් සදාතනික මතක සටහන් තැබූ ඔහු හරූන් කුමාර් ලන්ත්‍රා කලාකරුවාණන් ය.
දිගුකලක් අසනීප තත්වයෙන් පසු වූ එතුමා අප අතරින් සමුගත් බව දැනගන්නට ලැබීම සංවේගයට කරුණකි.
මගෙ නාමලී බැඳි ආදරේ, ආනන්ද මේ රෑ හරි හැඩයිනේ, පිරුණා හද සන්තානේ, හද මල් පඳුරේ වැනි ඔහුගේ ළබැඳි හඬින් ගැයුණු ගීත තවත් බොහෝ කාලයක් ලාංකේය ගීත ක්ෂේත්‍රය තුළ සහෘද හදවත් ආනන්දයෙන් පුරවමින් නිම්නාද නඟනු ඇත.
චිත්‍රපට පසුබිම් ගායකයකු ලෙස ද ඔහු සිංහල සිනමාවේ ගීතමය අවකාශය තුළ අනන්‍ය සලකුණක් තැබුවේ ය.
එතුමාගේ ගී හඬ අප සිත්සතන් තුළ සදා නොමැකී පවතින බව සිහිපත් කරමින්, හරූන් ලන්ත්‍රා මහතාගේ වියෝවින් වේදනාවට පත් ආදරණීය බිරිඳ, ඥාති හිත මිත්‍රාදීන් සහ සහෘද සැමට මාගේ සහ මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියගේ බලවත් ශෝකය ප්‍රකාශ කරමි. “
SDF