නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කෙරේ

    අප්‍රේල් 22, 2015
    ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ්, රක්නා ආරක්ෂක ලිමිටඩ්, රණ විරු සේවා අධිකාරිය සහ විදුලි සංදේශ කොමිසන් සභාව යන ආයතන සඳහා නව සභාපතිවරු සහ නව අධ්‍යක්ෂ මණ්ඩලය පත් කිරීම සිදු කෙරුණු අතර ඊට අදාළ පත්වීම් ලිපි ඊයේ (21) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා අතින් පිළිගැන්විනි.
     
    ඒ අනුව ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව සභාපති ලෙස අංසක දොඩංවෙල සහ රක්නා ආරක්ෂක ලමිටඩ් ආයතනයේ සභාපති ලෙස වික්ටර් සමරවීර යන මහත්වරු පත් කොට තිබේ.
     
    විදුලි සංදේශ කොමිසන් සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික කේ.එම්. පරාක්‍රම රාජ් කරුණාරත්න, රණ විරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික පී.ජී. නිල්මිණි පෙරේරා, ලංකා ලොජිස්ටික් ඇන්ඩ් ටෙක්නොලොජික් ලිමිටඩ් ආයතනයේ නව අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස උදය අබේසේකර, අසේල ඉද්දවෙල, රූබන් වික්‍රමාරච්චි, සශිමාල් දිසානායාක යන මහත්වරුන් පත් කර ඇත.  
     
    රක්නා ආරක්ෂක ලංකා ලිමිටඩ් ආයතනයේ අධ්‍යක්ෂ මණ්ඩලය ලෙස ජයන්ත ධනපාල, ඒ.ඒ. වික්‍රමසිංහ, ධර්මසේන හපුතන්ත්‍රි, සරත් ජයතිලක යන මහත්වරුන් පත් කර සිටි.
     
    රණ විරු සේවා අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් ලෙස ඩබ්.පී. නිමල් ප්‍රනාන්දු, සිරිමල් වී. සිල්වා යන මහත්වරුන් ද පත්වීම් ලැබීය.
     
    ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් බී.එම්.යූ.ඩී. බස්නායක යන මහත්වරුන් ද මෙම අවස්ථාවට සහභාගී වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya