නොවැම්බර් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රැස් වූ පාර්ලිමේන්තුව යළි කල් තැබේ‍

    අප්‍රේල් 21, 2015

    (සංස්කරණය දෙක) හිටපු ජනාධිපතිතුමා අල්ලස් කොමිසම ඉදිරියට කැදවීමක් කරන්නේ නැති බවත් එතුමා ළගට ගොස් කටඋත්තරයක් ගැනීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසුවේ යැයි කතානායක චමල් රාජපක්ෂ මහතා පවසයි.


    කතානායකවරයා මේ බව පැවසුවේ අද (21) පාර්ලිමේන්තුවේදී විනාඩි 15කට කල් තැබූ පාර්ලිමේන්තු සභාව යළි ආරම්භ කරන අවස්ථාවේදීය. ඒ අනුව පෙරවරු 11.50ට සභාව යළි රැස්විය.

    මෙහිදී අදහස් දැක්වූ සභානායක, අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසුවේ ජනාධිපතිවරයා 19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරීමට බලා‍පොරොත්තුවෙන් සිටින බව පැවසීය.

    අපි දෙගොල්ලොම සභාවේ කටයුතු කර ගෙන යාමට නම් නම්‍යශීලී විය යුතුයි. ජනාධිපතිතුමා මෙන් ම අග්‍රාමාත්‍යවරයා ද මේ අවස්ථාවේ පාර්ලිමේන්තුවේ සිටින නිසා වැඩිදුර සාකච්ඡා කිරීම කළ යුතු බවත් ජනාධිපතිතුමා පාර්ලිමේන්තුවේ රැදී සිටින නිසා සියලු දෙනා ගොස් සාකච්ඡා කරවෙත දැනුම් දෙන ලෙස කතානායකවරයා මෙහිදී පැවසීය.

    විනාඩි 15කට කල් තැබූ පාර්ලිමේන්තුව යළි රැස්වුවත් නැවත පස්වරු 12.30 දක්වා විනාඩි 30කට කල් තැබීමට කතානායකවරයා කටයුතු කළේය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya