ඒ අනුව පෙරවරු 10.40ට සභාව කල් තැබිණි. හදිසි පක්ෂ නායක රැස්වීමක් පැවැත්වෙන බව ද කතානායකවරයා සභාව වෙත දැනුම් දුන්නේ ය.
පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ වරප්රසාද සම්බන්ධයෙන් කතානායකවරයාගේ නිවේදනය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.
හිටපු ජනාධිපතිවරයා අල්ලස් කොමිසම ඉදිරියට කැඳවීමේ සිද්ධිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්රීවරුන්ගේ විරෝධය අද පාර්ලිමේන්තුවේ දී දක්නට ලැබුණු අතර ඒ සම්බන්ධව පාර්ලිමේන්තුවේ පක්ෂ විපක්ෂ මන්ත්රීවරු අදහස් ප්රකාශ කළහ. පාර්ලිමේන්තුව කල් තබන අවස්ථාව වන විට න්යායපත්රයේ ප්රධාන කටයුතු කිසිවක් ආරම්භ වී නැත.