අස්වනු නෙළාගත් පසු එහි ප්‍රථම කොටස සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙත බැතිසිතින් පූජාකර ඊළග කන්නයේ අස්වනු සරු වේවායි ගොවි ජනතාව ප්‍රාර්ථනා කරති.
ගොවි ජනතාව සමඟ එම අවස්ථාවට එක් වූ ජනධිපතිතුමා සෝමාවති චෛත්‍ය රාජයාණන් වහන්සේ වෙත කිරි ආහාර පූජා කර ආගමික වතාවත්වල නිරත විය.
අනතුරුව සෝමාවති රජමහා විහාරාධිපති පූජ්‍ය පාහමුණේ ශ්‍රී සුමංගල නායක හිමිපාණන් වහන්සේ බැහැ දැක උන්වහන්සේගේ සුව දුක් විමසා කෙටි පිළිසදරක නිරත විය.
සෝමාවති පුද බිමට ගංවතුරෙන් සිදුවන හානිය වළක්වා ගැනීම උදෙසා ආරක්ෂිත බැම්මක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කිරිමද අද දින ජනාධිපතිතුමා ඉදිරියේ සිදු කෙරිණි.
SDF