හිසතෙල් ගෑමේ චාරිත්‍රය ඉටු කරමින් අද (15) පෙ.ව 9.06 ට යෙදුණු සුබ නැකැතට අනුව උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ විසින් ජනාධිපතිතුමා වෙත හිසතෙල් ගැල්වීම සිදු කළේය.
වැඩම කර සිටි ප්‍රදේශයේ මහා සංඝරත්නය ජය පිරිත් සජ්ජායනා කරමින් ජනාධිපතිතුමා වෙත ආශිර්වාද පළ කළහ. සාම්ප්‍රදායික චාරිත්‍ර ඉටු කරමින් දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ මංගල හස්ථී රාජයා වෙත හිසතෙල් ගැල්වූ ජනාධිපතිතුමා අනතුරුව හස්ථී රාජයා වෙත පළතුරු සංග්‍රහයක්ද සිදු කළේය.
උදා වූ අලුත් අවුරුද්දට ජනාධිපතිතුමාට සුබ පැතුම් පළ කිරීමට ප්‍රදේශයේ අතිවිශාල ජනතාවක් විහාරස්ථානය වෙත පැමිණ සිටි අතර ඔවුන් අතරට ගිය ජනාධිපතිතුමා සුහද කථා බහක ද නිරත විය.
අනතුරුව උතුරු මැද පළාත් අධිකරණ සංඝනායක, කදුරුවෙල ජයන්ති විහාරාධිපති පූජ්‍ය කදුරුවෙල ධම්මපාල නායක හිමිපාණන් වහන්සේ බැහැදැක සුව දුක් විමසා පිරිකර පූජා කළේය.
අමාත්‍යවරුන් වන රාජිත සේනාරත්න, එම්.කේ.ඩී.එස්. ගුණවර්ධන, දුමින්ද දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය වසන්ත සේනානායක, උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍ය පේෂල ජයරත්න, පා.ම චන්ද්‍රසිරි සූරියආරච්චි යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
SDF/ ඡායාරූප - සුදත් සිල්වා